ප්‍රදේශ දෙකකින් නිධන් හොරු 14 ක් හසුවෙති
May 16, 2012 12:50 pm
දිවයිනේ ප්‍රදේශ දෙකක සිදුකළ වැටලීම්වල දී නිධන් හාරමින් සිටි පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අඹන්පොල සහ මැදවච්චිය යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වල දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව සඳහන්ය.
අඹන්පොල, නෙළුම්පත්වැව, උස්වැව කැලෑ ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු අඹන්පොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (16) මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර මැදවච්චිය, තල්ගස්වැව වැව් තාවුල්ලේ නිධන් හාරමින් සිටි සැකකරුවන් හත් දෙනෙකු ද මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අද (16) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මැදවච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.