එරාවුර් අල් අක්ෂා ගම්මානයේ පොල්අතු නිවාස වලට ගිනිතබයි
May 16, 2012 11:13 am
මඩකළපුව , එරාවුර් අල් අක්ෂා ගම්මානයේ පිහිටි පොල්අතු නිවාස වලට කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කොට තිබේ.
අද (16) අලුයම මෙම නිවාස වලට ගිනිතබා ඇති බව පොලිසිය සදහන් කරයි.
මෙම ගිනිතැබීම හේතුවෙන් නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස කිහිපයකට අර්ධ හානි සිදුව ඇති බව සඳහන්ය.
එසේ වුවද මෙම ගින්නෙන් ජීවීත හානි සිදුවී නොමැති බව එරාවුර් පොලිසිය පවසයි.
කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ගිනිතැබීම සිදු කළේ ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලිසිය ප්‍රකාශ කරයි.
එරාවුර් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.