ජෙලට්නයිට් කූරු 40 ක් සමග දෙදෙනෙක් දැලේ

May 16, 2012   09:26 am

ජෙලට්නයිට් කූරූ 40ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගහවත්ත දෙල්ගොඩ ප්‍රදේශයේ දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබිය දී අදාළ සැකකරුවන් සමඟ ජෙලට්නයිට් කූරූ තොගය පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බව පොලිසිය පවසයි.