කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රිය ගැටුණු මගියා මරුට

May 16, 2012   09:13 am

කොටුව දුම්රිය ස්ථානයේ දී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

දුම්රිය ස්ථානයේ 6වන වේදිකාවේ දුම්රිය මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

පොල්ගහවෙල සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක පුද්ගලයෙකු ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්ය.

අනතුරින් මිය ගොස් ඇත්තේ 67 හැවිරිදි රාගම , පේරලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.