නිවාස ණය අයකර ගැනීමෙන් ප්‍රථම ස්ථානය කිලිනොච්චියටයි
May 16, 2012 08:38 am
නිවාස ණය අයකර ගැනීමේ ඉලක්ක ප්‍රතිශත අනුව ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ කිලිනොච්චි දිස්ත්‍රික්කය බව ඉදිකිරිම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය පවසයි.
පසුගිය අප්‍රේල් මාසයේ දී දිස්ත්‍රික්ක කිහිපයක නිවාස ණය අයකර ගැනීමේ ප්‍රතිශතය සියයට සියයේ මට්ටම අභිබවා ගොස් ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ එම අගය සියයට 188 කි.
යාපනය,වව්නියාව,ත්‍රිකුණාමලය,මඩකලපුව සහ අම්පාර ආදී දිස්ත්‍රික්ක වල ද නිවාස ණය අයකර ගැනීමේ ප්‍රතිශතය සියයට සියය ඉක්මවා ගොස් ඇති බව නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
කොළඹ හැර උතුරු කාර්යාලය නිවාස ණය අය කර ගැනීම අතින් දෙවන ස්ථානයටත් , වව්නියාව දිස්ත්‍රික්කය තෙවන ස්ථානයටත් පත්ව ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.