පොලිස් ලොක්කන් පිරිසකට ස්ථාන මාරු

May 16, 2012   08:21 am

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු වීම් ලබා දී ති‍බේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ‍, පොලිස් අධිකාරිවරුන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් පිරිසක් සේවයේ අවශ්‍යතා මත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශකරයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.එම් ඩූල් මහතා වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂධුරයේ සිට කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ තාක්ෂණ සංවර්ධන ව්‍යාපෘතියට මාරුකර යවා ඇති බව සඳහන්ය.

කල්අඩි පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂධුරය දැරූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.සෙල්වරාජා මහතා වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂධුරයටත් පොලිස්පති අණදෙන මැදිරියේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.එස් වල්ගම මහතා ගොඩනැගිලි කොට්ඨාශයටත් මාරු කර යවා ඇත.

පොලිස් අධිකාරිවරුන් වන එස්.සී මැදවත්ත , එස්.බී බැද්දෙවෙල , එම් පුස්සැල්ල , ජේ.ඒ සිරිසෝම යන මහත්වරුන්ට ද ස්ථානමාරු වීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සහකාර පොලිස් අධිකාරිවරුන් වන ඩබ්ලිව්.සී ප්‍රේමසිරි , ජේ.බී විජේරත්න , යූ.පී කළුපහණ , ජේ.පී තෙන්නකෝන් යන මහත්වරුන්ට ද ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.

ඊට අමතරව තවත් පොලිස් අධිකාරිවරුන් දස දෙනෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව වාර්තාවේ.