ෆොන්සේකා නිදහස් කරන බව මං දැන ගෙන හිටියා-ද හින්දු නියෝජ්‍ය කර්තෘ රාධා කියයි
May 15, 2012 07:57 pm
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම කෙරෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව තමන් දැන සිටි වග"ද හින්දු"පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ආර්.කේ රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි.
ඒ පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් විමසා බැලීමට තමන්ට සිත්වූයේ ඒ නිසා යයිද හෙතෙම කියා සිටියි.
බන්ධනාගාර ගතකර සිටින සරත් ෆොන්සේකා මහතාට කඩිනමින් නිදහස ලබාදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසු බව"ද
හින්දු"පුවත්පත අද මුල්වරට නිල වශයෙන් අනාවරණය කිරීමෙන් පසු අද දෙරණ හා එක්වෙමින් රාධා ක්‍රිෂ්ණන් මහතා මේ බව කියා සිටියේය.
ඊයේ පැවැති "ගෝඨාස් වෝර්"කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ පැවැත්වූ කෙටි පිළිසඳරකදී ජනාධිපතිවරයා තමන් සමග එය පැවසූ බව
"ද හින්දු"පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා සහ මෙරට නියෝජිතයා සිහිපත් කළේය.
ෆොන්සේකා මහතාට නිදහස හිමිවිය යුතු බවට රටම යම් සන්ධිස්ථානයකට පැමිණ සිටි බව ඔහු දැන සිටි බවත්,එසේ තිබියදී ඔහු නිදහස් නොකරන්නේ මන්දැයි තමන් විමසා සිටි බවත් ක්‍රිෂ්ණන් මහතා පෙන්වා දුන්නේය.
එහිදී"ප්‍රශ්නයක් නෑ.මං ටිරාන් අලස් එනකල් ඉන්නේ..ඔහු ආවම කතා කරලා මම නිදහස් කරනවා"යයි ජනාධිපතිවරයා කියා සිටි වගත්,එහිදී තමන් එක වර පුදුමයට පත් වූ බවත් රාධා ක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
බන්‍ධනාගාර ගතකර සිටින සරත් ෆොන්සේකා මහතාට නිදහස ලැබෙන බවට විවිධ මාධ්‍ය පසුගිය දිනවල විවිධ පුවත්පත් විසින් වාර්තා කරනු ලැබූවද එය ස්ථිර වශයෙන්ම ජනාධිපතිවරයා සනාථ කළ බවට මුල්වරට වාර්තාකරනු ලැබුවේ අද නිකුත් කෙරුණු "ද හින්දු" පුවත්පතයි.
2010 වසරේ පෙබරවාරි මස 09 වැනිදා යුද හමුදා පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ෆොන්සේකා මහතාට චෝදනා කිහිපයකට යුද අධිකරණයෙන් සහ මහාධිකරණයෙන් වරදකරු කොට සිරදඬුවම් නියම කෙරුණි.
ඔහුට නිදහස ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් මහතා ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වන බව "අද දෙරණ" පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වැනි දින මුල් වරට අනාවරණය කරන ලදී.
එම සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස ෆොන්සේකා මහතාව නිදහස් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.
සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාගැනීම සඳහා වන ලියකියවිලි මේ වන විටත් සූදානම් කෙරෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ටිරාන් අලස් මහතා ද විදෙස්ගතව සිට මීට ස්වල්ප මොහොතකට පෙර දිවයිනට පැමිණි අතර එසේ පැමිණීමෙන් පසු එම කටයුතු පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරන බව අනෝමා ෆොන්සේකා මහත්මිය මීට පෙරාතුව අද දෙරණට කියා සිටියාය.
කෙසේ වෙතත් ෆොන්සේකා මහතාට නිදහස ලබා ලබා දෙන්නේ නම් එය එසේ වන්නේ ජාත්‍යන්තර බලපෑම් වල ප‍්‍රතිඵලයක් ලෙස
නොවන බව අද පෙරවරුවේ ජනාධිපති ප‍්‍රකාශක බන්දුල ජයසේකර මහතා අප කළ විමසීමකදී අවධාරණය කළේය.
එසේම මේවන විට අප වෙත ලැබී ඇති අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවන්නේ මෙම සතිය තුළදී සරත් ෆොන්සේකා මහතාට නිදහස හිමිවන බවයි.