දකුණු ආසියා - චීන සංස්කෘතික සතියක්

May 15, 2012   04:24 pm

දකුණු ආසියා - චීන සංස්කෘතික සතියක් පැවැත්වීමට ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය පියවර ගෙන තිබේ.

එම සතිය ලබන 17 දිනයෙන් ආරම්භ වීමට නියමිතය.

මෙම සංස්කෘතික සතියට සහභාගී වීම සඳහා චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය හා නේපාලය නියෝජනය කරමින් මිත්‍ර සංගම් ප්‍රධානීන් හෙට(16) දිනයේ දී මෙරටට පැමිණීමට නියමිත බව සඳහන්ය.

එම නියෝජිත පිරිසේ ප්‍රධානත්වය චීනයේ විදේශිය රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වන ජනතා සංගමයේ උප සභාපති පෙන්ග් ෆෝකු මහතා විසින් උසුලනු ලබයි.

මෙම සතිය තුළ දී කොළඹ පාසල් කිහිපයක පාසල් සිසුන් සඳහා මෙම රටවල්වල සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් ලබාදීමට වැඩසටහන් රැසක් සංවිධානය කොට ඇති බව ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහ‍යෝගිතා සංගමය පවසයි.