මොරටුව විශ්ව විද්‍යාලය Microsoft — Imagine Cup 2012 ජාතික තරගාවලියේ ජය ගොස නංවයි
May 15, 2012 02:17 pm
මොරටුව විශ්ව විද්‍යාලයේ V360 කණ්ඩායම මෙවර Microsoft Imagine Cup 2012 ජාතික තරගාවලියේ ජයග‍්‍රාහකයන් ලෙස අභිෂේක ලබයි.
ලොව දියුණු තාක්ෂණයේ භාවිතාවෙන් ලොවට වැඩදායී නව නිර්මාණයක් කිරීමටත් සමාජයට යහපතක් කිරීමටත් උත්සාහ ගන්නා තරුණ පරපුර වෙනුවෙන් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ගෙන එන Imagine Cup 2012 තරගාවලියේ ජාතික මට්ටමේ අවසන් තරගාවලිය මාලබේ ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ SLIIT දී පැවත්විණි.
ලොව ප‍්‍රමුඛතම ශිෂ්‍ය තාක්ෂණ නිර්මාණ තරගාවලිය වන Imagine Cup හරහා අපගේ යොවුන් පරපුර සිය නිර්මාණශීලී හැකියාවන් සහ නව තාක්ෂණයෙන් ලොව පවතින බලවත්ම අභියෝග ජයගැනීමට යොමුකරවීම Microsoft ආයතනයේ අරමුණයි.
එම අවසන් මහා තරගයේදී කණ්ඩායම් 6 ක් අතුරින් විශිෂ්ඨයන් බවට පත්වූ V360 කණ්ඩායමේ ඉදිරිපත් කිරීම "Back2Earth" තේමාවෙන් ගෙන එන ලදි. එම අධීක්ෂණයන් කිරීමට සහභාගීවූ විනිසුරුවරුන් වූයේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ග්‍රෙග් යං, මිලේනියම් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් ආයතනයේ විධායක හා උප සභාපති ෆයික් ෆයිස්, එම්. එස්. ටෙක්නොලොජීස් ආයතනයේ විධායක නිලධාරී පද්මන් ද සිල්වා හා මයික්‍රොසොෆ්ට් ශ‍්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ඉම්රාන් විල්කාසිම් යන මහත්වරුන්ය.
ජයග‍්‍රාහී V360 කණ්ඩායමේ සාමාජිකයින් වන තුරුපතන් විජය කුමාර්, මලින් ද සිල්වා , රුක්ෂාන් ලක්ෂිත දන්ගල්ල යන ශිෂ්‍යයින් විසින් නව තාක්ෂණය හරහා හත්වන Mellenium Development ඉලක්කය ළඟාකරගැනීමට හොඳ විසඳුමක් ලබාදීමට කටයුතු කර තිබේ. පරිසරයේ සශ‍්‍රීකත්වය රඳාපවත්වා ගැනීමට අදාළ දැනුවත්බව, අධ්‍යාපනික පසුබිම හා මහජනතාව ඒ කෙරේ උනන්දු කිරීම ආදී ක‍්‍රියාකාරී විසඳුම් රැසක් මෙම නිර්මාණයේ ඇතුළත්වේ.
Informatics තොරතුරු තාක්ෂණ ආයතනයේ CR Codze කණ්ඩායම මෙහි දෙවන ස්ථානය ,ලැබුවේ vLearn ව්‍යාපෘතිය හදුන්වා දීමෙනි. Value Live මොරටුව විශ්ව විද්‍යාලයෙන්ම තරග කළ Sharks කණ්ඩායම මෙහි තෙවන ස්ථානය ලබාගන්නා ලදි. Informatics තොරතුරු තාක්ෂණ ආයතනයේ Casper Creations සහ Team Dot යන කණ්ඩායම් හා සබරගමුව විශ්ව විද්‍යාලයේ Invictus කණ්ඩායම අවසන් අදියර කරා යාමේ භාග්‍යය හිමිකරගන්නා ලදි.
කෙසේ නමුත් මේ සඳහා සහභාගීවූ සියලුම කණ්ඩායම් අතිදක්ෂ අයුරින් තම ඉදිරිපත්කිරීම් කර තිබූ බව පවසන විනිශ්චය මණ්ඩලය ප‍්‍රකාශ කර සිටින්නේ මෙම ව්‍යාපෘති අතරින් ජයග‍්‍රාහී කණ්ඩායම තේරීම බෙහෙවින් දුෂ්කර කාර්යයක් වූ බවයි.
මයික්‍රොසොෆ්ට් ශ‍්‍රී ලංකා ආයතනය මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉදිරි දියුණුව උදෙසා රජයේ ගමනට උරදෙමින් ශ‍්‍රී ලංකාව තුළ මේ වන විට විවිධ වැඩසටහන් රැසක් මෙහෙයවමින් අසහාය සේවයක් ඉටුකරමින් සිටී. සහ Imagine Cup වැනි තරගාවලින් සංවිධානය කිරීම තුළින් අනාගත පරපුර නව්‍ය තාක්ෂණ නිර්මාණකරණයකට යොමු කරවීමෙන් මෙරට අධ්‍යාපනය නව මගක් කරා ගෙනයාමට ද සමාගම පෙරළිකාර දායකත්වයක් ලබාදෙයි. මේ මගින් අපේක්ෂා කරනුයේ රටේ අනාගතය බාරගැනීමට සිටින දරු පරපුර නවතම තාක්ෂණයෙන් බල ගන්වා රටේ මෙන්ම ගෝලීය ආර්ථිකයේත් පෙරගමන් කරුවන් බවට පත්කරවීමයි.
මයික්‍රොසොෆ්ට් සමාගමේ පූර්ණ දායකත්වයෙන් 2003 වසරේදී Imagine Cup තරගාවලිය ලොවට හඳුන්වාදුන් අතර මයික්‍රොසොෆ්ට් ශ‍්‍රී ලංකා ආයතනය හරහා මෙරටට තරගාවලිය හඳුන්වා දෙන ලද්දේ 2005 වසරේදීය. ඒ උසස් අධ්‍යාපනයේ නිරතවන සිසුන් තාක්ෂණය කෙරේ යොමුකරවීමත් ඒ හරහා නව නිර්මාණ ලොවට එළපෙහෙලි කිරීමත් යන කරුණු සැළකිල්ලට ගෙනය.
මෙම තරගයේ පළමුවන ස්ථානය ලබාගත් V360 කණ්ඩායමට මෙම වසරේ ජූලි මස ඕස්ටේ‍්‍රලියාවේ පැවත්වීමට නියමිත Imagine Cup World 2012 ලෝක ශූරතාවයේ Software Design Category ඉදිරිපත්වීමේ හැකියාව ලැබී තිබේ. ලොව නන්දෙසින් පැමිණෙන සිසුන් සහභාගී වන ජගත් තර`ගාවලියේ 10 වන සැමරුමද මෙවර ඕස්ටේ‍්‍රලියාවේදී පැවත්වීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර තරගාවලියට සහභාගී වන සියලුම කණ්ඩායම් සඳහා හිමිවන තවත් අනගි අවස්ථාවක් වනුයේ මයික්‍රොසොෆ්ට් සමාගම මගින් පිරිනමන මූල්‍යමය ප‍්‍රදානයක් සඳහා ඉල්ලූම් කිරීමට හැකිවීමයි. එහිදී තෝරාගන්නා කණ්ඩායම් පහක් සඳහා එසේ පිරිනමන මූල්‍යමය අනුග‍්‍රහයේ මුළු වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන තුනක් වන අතර කණ්ඩායම් පහ සඳහා ඇමරිකන් ඩොලර් 75000 සිට 100000 දක්වා ලබාදෙන්නේ එම ව්‍යාපෘති වානිජමය වටිනාකමක් දක්වා සංවර්ධනය කිරීම උදෙසායි.
එසේම ජයග‍්‍රාහක කණ්ඩායම් සඳහා නොමිලේ මෘදුකාංග සැපයීම, නව තාක්ෂණ විධි සපයාගැනීමේ සහාය, තම මෘදුකාංග නිර්මාණය වානිජ භාණ්ඩයක් දක්වා දියුණුකිරීමට අවශ්‍යය අරමුදල් සපයාගැනීමේ සහාය, මයික්‍රොසොෆ්ට් නව්‍ය තාක්ෂණ මධ්‍යස්ථාන ඇසුරු කිරීමේ අවස්ථාව, නවතම BizSpark පහසුකම්, තම දක්ෂතා හඳුනාගැනීමටත් නිෂ්පාදන කටයුතු සහාය සැපයීම හා මයික්‍රොසොෆ්ට් වෘත්තිකයින් හා එක්ව කටයුතු කිරීමේ අවස්ථාව ලබාදීම් ආදී තවත් විශේෂ දායකත්වයන් රැසක් සපයයි.
මයික්‍රොසොෆ්ට් ශ‍්‍රී ලංකා ආයතනය මෙවර ජයග‍්‍රහණය කළ ව්‍යාපෘතිය ඉදිරිපත් කළ මොරටුව විශ්ව විද්‍යාලයේ V360 කණ්ඩායමට සුභ පතන අතර ඕස්ටේ‍්‍රලියාවේ පැවත්වෙන ලෝක තරගාවලියට යාමට සම්පූර්ණ අනුග‍්‍රහය සහ අවශ්‍ය සහයෝගය ලබාදීමට බැඳී සිටියි.