පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන් දිරිගැන්වීමට ණය යෝජනා ක්‍රමයක්

May 15, 2012   12:56 pm

පොල් ආශ්‍රිත කර්මාන්තවල නියැලී සිටින්නන්ට සහ එම ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂිත නිෂ්පාදකයින් දිරිගැන්වීමේ අරමුණින් නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

"කප්රුක නිපැයුම් දිරිය" ලෙස මෙම නව සහන ණය යෝජනා ක්‍රමය හඳුන්වනු ලබයි.

2011 වසරේ සමස්ථ අපනයන කෘෂිර්මාන්ත දර්ශකය ඉහළම ප්‍රගතිය අත්පත්කරගනිමින් පොල් ආශ්‍රිත කර්මාන්තයේ නිෂ්පාදකයින් කර්මාන්තයට ලබාදී ඇති මෙහෙවර තවදුරටත් ශක්තිමත් කිරීම මෙම ණය යෝජනා ක්‍රමයේ මූලික අරමුණ වී ඇත.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමය පොල් තෙල්, කොප්පරා, පොල්මද ආශ්‍රිත අනෙකුත් කර්මාන්ත, පොල්කටු අඟුරු නිෂ්පාදනය, කොහු කෙඳි හා නිමිභාණ්ඩ නිෂ්පාදනය සහ පොල් ආශ්‍රිත අපනයන නිෂ්පාදන කර්මාන්තකරුවන් සඳහා ක්‍රියාත්මකය.