සයුරෙන් එතෙර
උපවාසය අතහැරීමට පලස්තීන ජාතිකයින් එකඟ වෙයි
May 15, 2012 09:39 am
ඊශ්‍රායලයේ සිරගතව සිටින පලස්තීන ජාතිකයින් ආරම්භ කර තිබූ උපවාසය අතහැරීමට එකඟතාව පළකර තිබේ.
ආහාර ප්‍රතික්ෂේප කරමින් මාස දෙකක පමණ කාලයක් මෙලෙස පලස්තීන ජාතිකයින් 1500 ක් පමණ මෙම උපවාසයේ නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන්ට ලබාදෙන ආහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් මෙම උපවාසය ආරම්භ කර තිබුණි.
ඊශ්‍රායල බලධාරීන් අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දැක්වීමත් සමඟ උපවාසය නතර කිරීමට තීරණය කර ඇත.
අදාළ එකඟතාව සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ බන්ධනාගාර නිලධාරීන් සහ පලස්තීන සිරකරුවන් අතර ගිවිසුමක් ද අත්සන් කර ඇති බව වාර්තා වේ.