ෆොන්සේකාට කඩිනම් නිදහස-ජනපති හින්දු පුවත්පතට කියයි

May 15, 2012   06:49 am

බන්ධනාගාර ගතව සිටින සරත් ෆොන්සේකා මහතාට කඩිනමින් නිදහස ලබාදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

ඊයේ පැවති"ගෝඨාස් වොර්" කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ දී ජනාධිපතිවරයා අදාළ ප්‍රකාශය හින්දු පුවත්පතට සිදුකළ බව "ද හින්දු " පුවත්පත වාර්තා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා මේ දිනවල බ්‍රිතාන‍්‍යයේ සංචාරයක නිරත වන බැවින් සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාදීම ප්‍රමාද වී ඇති බව හින්දු පුවත්පත කියා සිටියි.

ෆොන්සේකා මහතාට නිදහස ලබාගැනීම සම්බන්ධයෙන් ටිරාන් අලස් මහතා විශාල කාර්ය භාරයක් සිදුකර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇති බව හින්දු පුවත් පත පෙන්වාදෙයි.

සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාගැනීම සඳහා ටිරාන් අලස් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පසුගිය මාස කිහිපය තුළ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම නිදහස හිමිවනු ඇති බවයි "ද හින්දු" පුවත්පත වැඩිදුරටත් උපුටා දක්වයි.

‍ මේ අතර අද දිනයේ ජාතික පුවත්පත් කිහිපයක ද සරත් ෆොන්සේකා මහතාට කඩිනමින් නිදහස හිමිවන බවට වාර්තා පලවී තිබේ.

අද දෙරණ කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා කියා සිටියේ ෆොන්සේකා මහතා නිදහස් කරනු ලබන්නේනම් එය සිදුවනු ඇත්තේ ජාත්‍යන්තර බලපෑම නිසා නොවන බවයි.