ජාතික ඩෙංගු මර්දන සතිය අදින් ඇරඹෙයි
May 14, 2012 09:52 am
ජාතික ඩෙංගු මර්දන සතිය අද(14) සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එය මැයි මස විසි වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
දිවයිනේ සියලු සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශ ආවරණය වන පරිදි මෙම සතිය තුළ දී ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
එම අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව ගත වු මාස 4 තුළ ඩෙංගු රෝගීන් දස දහසක් පමණ වාර්තා වී ඇති අතර පුද්ගලයන් 46 දෙනෙකු මියගොස් ඇත.
මේ වසරේ අප්‍රේල් මාසයේ සිට නැවතත් බහුල වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන අතර මදුරු ඝනත්වය ද කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බව කීට විද්‍යා සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ඉදිරි මාස දෙක තුළ ඩෙංගු රෝගීන් බහුලව වාර්තා විය හැකි තත්ත්වයක් උද්ගතවී තිබේ.
මේ නිසා ඩෙංගු රෝගයෙන් ජනතාව මුදා ගැනිම සඳහා අඛණ්ඩ ඩෙංගු මර්දන වැඩපිළිවෙලකට මහජනතාව දායකකර ගැනීමේ අරමුණින් මෙම මර්දන මදුරු සතිය ක්‍රියාවට නංවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.