සයුරෙන් එතෙර

ඇෆ්ගන් සාම නියෝජිතයෙකු වෙඩි තබා මරාදමලා

May 14, 2012   08:46 am

ඇෆ්ගනිස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාම නියෝජිතයෙකු වූ අර්සලා රහමනී වෙඩි තබා ඝාතනය කොට තිබේ.

කාබුල් නුවර දී මොහුව ඝාතනය කොට ඇති බව ඇෆ්ගන් බලධාරීන් සඳහන් කරයි.

ඝාතනයට ලක් වූ රහමනී හිටපු ‍තලෙයිබාන් මන්ත්‍රීවරයෙකු වන අතර ඇෆ්ගනිස්ථානයේ සාම මණ්ඩලයේ ප්‍රධාන සමාජිකයෙකු වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තලෙයිබානය සමඟ පැවති සාම සාකච්ඡාවල දී මොහු එහි ප්‍රධානියෙකු වශයෙන් ද කටයුතු කර ඇති බව සඳහන්ය.

බටහිර කාබුල් ප්‍රදේශයේ රැකියාවට යන අතරවාරයක දී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මොහු ඝාතනය කර ඇති බව එරට පොලිසිය සඳහන් කරයි.

මොහුගේ පපු ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර ඔහු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.