ඕස්ට්‍රේලියා - පකිස්ථාන තරගාවලියේ සත්කාරකත්වය දරන්න බෑ

May 12, 2012   04:06 pm

ඕස්ට්‍රේලියාව හා පකිස්ථානය අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පකිස්ථාන ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු මස 10 වැනිදා සිට ආරම්භ වන බැවින් ඕස්ට්‍රේලියා පකිස්ථාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීමට නොහැකි බව ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත.

ඉදිරි කාලය තුළ මෙරට දී ක්‍රිකට් තරගාවලි කිහිපයක්ම පැවැත්වීමට නියමිතය.

යම් ලෙසකින් ඕස්ට්‍රේලියා - පකිස්ථාන ක්‍රිකට් තරගාවලිය මෙරටදී පැවැත්වුවහොත් අ‍ගෝස්තු මාසයේ දී පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තරගාවලියට අවශ්‍ය තරම් ක්‍රීඩාංගණ පහසුකම් සලසා ගැනීමට නොහැකි වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා සඳහන් කළේය.

මේ අතර ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගාවලිය වෙනත් රටක පැවැත්වීම කෙරෙහි මේ දිනවල අවධානය යොමු කර ඇති බව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුබාන් අහමඩ් මහතා පවසයි.