බලපත්‍ර නොමැතිව භාණ්ඩ විකිණූ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

May 12, 2012   03:05 pm

සංචාරක වීසා ‍මත මෙරටට පැමිණ බලපත්‍ර නොමැතිව භාණ්ඩ වෙළඳාමේ යෙදුණු ඉන්දීය ජාතිකයෙකු කලවංචිකුඩි පොදු වෙළඳපොළ ඉදිරිපිට දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව අලෙවි කිරීම සඳහා තිබූ රුපියල් 85,000 ක පමණ වටිනාකමින් යුතු භාණ්ඩ තොගයක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත්සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කලවංචිකුඩි පොලිස් ස්ථානයට භාරදී ඇති බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් ක‍රයි.