යතුරුපැදිය ලොරියක ගැටෙයි - එක් අයෙක් මියයයි

May 12, 2012   09:29 am

නාඋල, ඇල්ල මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

එහිදී යතුරුපැදියේ ගමන් ගත් 17 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු පොළොන්නරුව, අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

අනතුරින් යතුරුපැදිකරු ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා කෝන්ගහවෙල රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද(12) නාඋල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.