ශ්‍රීලංකාව හා කුවේට් අතර අවබෝධතා ගිවිසුමක්
May 11, 2012 09:14 am
ශ්‍රී ලංකාව හා කුවේට් රාජ්‍ය අතර මිනිස්බල හුවමාරුව, රැකියා සංවර්ධනය, පුහුණු ක්ෂේත්‍ර සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ කුවේට් රාජ්‍යයේ සමාජ සුභසාධන කටයුතු හා කම්කරු අමාත්‍යවරයා මෙම ගිවිසුමට අත්සන් කර ඇති බව සඳහන්ය.
කුවේට්හි නිල සංචාරයක නිරතවන ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා ඇතුළු දුත පිරිස ඊයේ (10) දිනයේ දී මෙම ගිවිසුමට අත්සන් කර ඇත.
රැකියා නියුක්තිය හා මිනිස් බල සංවර්ධන ක්ෂේත්‍රයේ සහයෝගීත්වය ශක්තිමත් කිරීම දෙරටේ නීති රෙගුලාසි රාමුව තුළ රැකියා අවස්ථා වර්ධනය කිරීම ඇතුළුව මෙම අවබෝධතා ගිවිසුම අඛණ්ඩව බලාත්මක කිරීම සිදුවන බව ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා සඳහන් කරයි
විශේෂයෙන් රැකියා හා රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අවශ්ය විශේෂඥ දැනුම දෙරට අතර හුවමාරු කරගැනීම මේ යටතේ සිදුවන බව ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.