චෙන්නායි සුපර් කිංග්ස්ට ලකුණු 13 ක ජයක්
May 11, 2012 08:52 am
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (10) පැවති තරගයකින් පූනේ වොරියර්ස් කණ්ඩායම පරදවා ලකුණු 13 ක ජයක් ලැබීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.
චෙන්නායි කණ්ඩායම ලකුණු 164 ක් ලබාගත් අතර වොරියර්ස් කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 151 ක් පමණි.
එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27 ක් ලබාගත්තේය.
පන්දු යැවීමේ දී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් නුවන් කුලසේකර කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.
මේ අතර ඊයේ (10) පැවති තවත් තරගයකින් ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායම පරදවා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම කඩුලු 5 ක ජයක් හිමිකර ගනු ලැබීය.
දිල්ලි කණ්ඩායම වෙනුවෙන් කෙවින් පීටර්සන් නොදැවී ලකුණු 103ක් ලබාගැනීම විශේෂත්වයකි.