සයුරෙන් එතෙර

සිරියාවේ බෝම්බ ප්‍රහාරය එක්සත් ජාතීන් හෙළාදකියි

May 11, 2012   08:37 am

සිරියානු අගනුවරට එල්ල වු බෝම්බ ප්‍රහාරය හෙළාදකින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසයි.

සිරියානු අගනුවරට ඊයේ (10) දිනයේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 55 දෙනෙකු මියගොස් තවත් 400 ට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

මෝටර් රථ දෙකක අටවා තිබූ බෝම්බ දෙකක් මෙලෙස පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් සිටින ගොඩනැගිල්ලක් ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇත.

සිරියාවේ සාම ක්‍රියාවලියක් ඇතිකරවීම සඳහා බලකර සිටින බව මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පෙන්වාදෙයි.

සිරියාවේ ගැටුම් නතර කිරීමට රජය සහ කැරලිකරුවන් අතර එකඟතාවක් ඇතිකරගත යුතු බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනාගේ අත්සනින් යුතුව නිකුත් කළ මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.