ශ්‍රීපාදස්ථානයේ සධාතුක කරඩුව නව දේවමන්දිරයක තැන්පත් කරයි

May 10, 2012   10:06 am

ශ්‍රීපාදස්ථානයේ සිට වැඩම කළ සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහිත දේව ආභරණ ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ දේව මන්දිර‍යේ තැන්පත් කර තිබේ.

ඊයේ (09) රාත්‍රී 8.30 ට යෙදුණු සුබ මොහොතින් මෙය සිදුකෙරුණි.

ශ්‍රී පාද වන්දනා සමය පසුගිය 6 වැනි දිනෙන් අවසන් වූ අතර ‍සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහිත දේව ආභරණ නැවත වැඩම කරවීමේ පෙරහැරට ඉතිහාසයේ වැඩිම පිරිසක් සහභාගී වී සිටීමද විශේෂත්වයකි.

පසුගිය 7 වැනිදා ශ්‍රී පාද මළුවෙන් පෙරහැර දෙකක් ආරම්භ වූ අතර ඉන් එකක් නල්ලතන්නිය බෞද්ධ මන්දිරය වෙතත් අනෙක් පෙරහැර සබරගමුව මහ සමන් දේවාලය වෙතත් ගමන් කෙරුණි.

පසුව ඊයේ (09) රත්නපුර නගරයේ දී පෙරහැර දෙකම එකට සම්බන්ධ වී ගමන් කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.