2012 ජාතික කණිෂ්ට මලල ක්‍රීඩා තරගාවලිය අද ඇරඹෙයි.

May 10, 2012   09:48 am

2012 ජාතික කණිෂ්ට මලල ක්‍රීඩා තරගාවලිය අද (10) ඇරඹෙයි.

එය හෝමාගම , දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී තරගාවලිය පැවැත්වේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මෙහෙයවන මෙම තරගාවලිය සඳහා වයස් සීමා 4 න් යුතුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000 ක් පමණ සහභාගී වීමට නියමිතය.

ලබන ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත ආසියාතික කණිෂ්ට මලල ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ තරගාවලියක් ලෙස ද‍ මෙය සැලකෙන බවය ශ්‍රී ලංකා මල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කරයි.

ක්‍රීඩා උළෙල ලබන 13 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.