වැව් රක්ෂිතය තුළදී වන පාලුවෝ දෙදෙනෙක් අහසුවෙති

May 9, 2012   03:37 pm

කැබිතිගොල්ලෑව, විහාරහල්මිල්ලෑව වැව් රක්ෂිතයේ දැව කපමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ කැලෑපුලියන්කුලම් කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

මෙහිදී කපා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ දැව තොගයක් සහ දැව ඉරීමට ගන්නා උපකරණ කිහිපයක් ද පොලිස් විශේෂ කාර්යය බලකා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර ‍විමර්ශන කටයුතු සඳහා කැබිතිගොල්ලෑව වන සංරක්ෂණ කාර්යාලයට භාරදී තිබේ.