මෘදුකාංග සහ අන්තර්ගතයන් රැසක් එළිදකියි
May 9, 2012 11:42 am
පරිගණකය සහ අන්තර්ජාලය සමග සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් වැඩ කිරීම පහසු කිරීම සදහා සකස් කරන ලද මෘදුකාංග සහ අන්තර්ගතයන් රැසක් එළිදැක්වීම පසුගියදා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී සිදුවිය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂහණ නියෝජිතායනයේ මුලිකත්වයෙන් මෙම මෘදුකාංග සහ අන්තර්ගතයන් සකස් කර තිබේ. සිංහල භාෂා සංඛ්යාංමක යුනිකෝඩ් ප්‍රමිතියට සකස් කර එළි දැක්වීම මෙහිදී සිදු කරන ලද අතර 1134: 2011 ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලව මෙය සකස් කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂරණ නියෝජිතායතනය සඳහන් කරයි.
ශෛලිගත කලාත්මක ආකාරයෙන් සකස් කරන ලද සිංහල ෆොන්ට හයක් සහ දෙමළ ෆොන්ට හයක් එළිදැක්වීමද මෙහිදී සිදු විය. පරිගණකය ආශ්‍රිතව ලිපි ලේඛන සකස් කිරීම මෙන්ම වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී එම කටයුතු ඉතා කලාත්මක සහ නිර්මාණශිලි ලෙස කිරීමට හැකි ආකාරයෙන් මෙම ෆොන්ට සකස් කර තිබේ.
යුනිකෝඩ් ෆොන්ට නිර්මාණය කිරීමේ පුහුණු වැඩසටහන යටතේ පුහුණුව ලැබු ශිෂ්‍යයන් විසින් මෙම ෆොන්ට නිර්මාණය කර තිබෙන අතර එම එම ශිෂ්‍යයින් ඇගයීමට ලක් කරමින් සහතිකපත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය.
ඇපල්මැක් මෙහෙයුම් පද්ධතිය සිංහල හා දෙමළ භාෂාවන්ගෙන් භාවිතා කිරීමට සකස් කරන ලද යතුරු පුවරු ධාවකය හා එම ෆොන්ට එළිදැක්වීමද මෙහිදී සිදු සිදු විය. සිංහල හා දෙමළ ෆොන්ට සකස් කිරීම පිළිබදව සම්පාදනය කරන ලද (Guide to creating Sinhala and Tamil Unicode Fonts) ග්‍රන්ථය දොරට වැඩුමද දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායමේ සමාජිකයින් ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදු විය.
ඉතා විචිත්‍රම භාෂාවක් වු සිංහල භාෂාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂදණය නිසා තව තවත් ඔප නැංවුණු බව මෙම උත්සවය ඇමතූ මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා පැවසීය.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂයණ අමාත්‍යශයේ ලේකම් නිමල් අතුකෝරළ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහත්වරු අතින් සම්මාන සහ සහතික පත් ප්‍රදානය සිදු විය.