සයුරෙන් එතෙර
ලිබියාවේ අග්‍රාමාත්‍ය කාර්යාලයට කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්
May 9, 2012 11:22 am
ලිබියාවේ ට්‍රිපොලි අගනුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට කැරලිකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එම ප්‍රහාරයෙන් ලිබියානු ආරක්ෂක නිලධාරියෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පුද්ගලයින් 200 ක් පමණ ට්‍රිපොලි අගනුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති අතර එහිදී ඔවුන් පලවා හැරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබේ.
එහිදී ඇතිවූ ගැටුම්වල දී පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය අබ්දුරහීම් අල් කයිබ් එම ගොඩනැගිල්ලේ සිටි බවද එම මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර ඇත.
කැරලිකරුවන් විසින් ප්‍රහාරය එල්ල කිරීම සඳහා ස්වයංක්‍රීය ගිනි අවි, රොකට් විදින සහ මෝටාර් උණ්ඩ භාවිත කර ඇති බව ද සඳහන්ය.