2012 ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ස්ථාන 5 ක්

May 8, 2012   05:42 pm

2012 ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ අද පැවති පළමු අදියරේ තරග 5 කින් ශ්‍රී ලංකාවට ස්ථාන කිහිපයක් හිමිව තිබේ.

අදියර 3 න් යුතු මෙම තරගාවලියේ අද පැවති තරගයෙන් උස පැනීමේ තරග ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට මංජුල කුමාර සමත්විය.ඒ මීටර් 2.23 ක දක්ෂතාවයක් සනිටුහන් කරමිනි.

මීටර් 100 ධාවන තරගයට සහභාගී වූ ෂෙහාන් අඹේපිටිය,තත්පර 10.5 න් තරගය නිමාකරමින් තරගයේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත්වී තිබේ.

එසේම මීටර් 400 කාන්තා ධාවන තරගයෙන් චන්ද්‍රිකා සුභාෂිණීද,මීටර් 400 පිරිමි තරගයෙන් ප්‍රසන්න අමරසේකර ද තෙවන ස්ථානයන් දිනාගැනීමට සමත්වීම විශේෂත්වයකි.

ක්‍රිෂ්ටීන් මෙරිල් මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගයෙන් තෙවන ස්ථානය දිනා ගන්නා ලදී.

2012 ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන අදියරේ තරග 11 දා ඇරඹෙයි.