සයුරෙන් එතෙර

රුසියානු ජනාධිපති ලෙස ව්ලැඩ්මීර් පුටින් දිවුරුම් දෙයි

May 8, 2012   08:47 am

ව්ලැඩ්මීර් පුටින් රුසියානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.

හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදි‍ව්ගෙන් පසු එම ධුරය සඳහා පුටින් මෙලෙස දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

59 වැනි වියේ පසුවන පුටින් වසර 4 ක කාලයක් රුසියානු අගමැතිවරයා වශයෙන් කටයුතු කර ඇත.

මීට පෙර අවස්ථා දෙකක දී ද ව්ලැඩ්මීර් පුටින් රුසියානු ජනාධිපතිවරයා‍ ලෙස කටයුතු කර තිබේ.

ඒ 2000 වසරේ දී සහ 2004 වසරේ පැවති ජනාධිපතිවරණවලදීය.

කෙසේ වෙතත් ව්ලැඩ්මීර් පුටින්ගේ දිවුරුම්දීමට එරෙහිව විපක්ෂ‍ ආධාරකරුවන් විරෝධතා ව්‍යාපාරවල නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.