ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 10 වැනිදා අරඹයි
May 8, 2012 08:34 am
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මගින් සංවිධාන කරනු ලබන ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය මේ මස 10 වැනි දින සිට 13 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.
දියගම මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩා සංකීර්ණයේ දී මෙම තරගාවලිය පැවැත්වෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සඳහන් කරයි.
මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදහසකට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතව තිබේ.
එළඹෙන ජුනි මස පැවැත්වෙන 15 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ක්‍රීඩා කණ්ඩායම් තෝරාගැනීමේ අවසන් තේරීම් තරගාවලිය ලෙස ද මෙම ශූරතාවලිය හඳුන්වා ඇත.
වයස අවුරුදු 16 ත් 23 ත් අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ශූරතාවලිය සඳහා සහභාගී වන අතර තරග පැවැත්වෙන සෑම දිනකම උදෑසන 7 - 8 අතර කාලයේ දී ක්‍රීඩා අංක නිකුත් කිරීම සිදුකිරීමට නියමිතය.