20/20 තරගාවලියක් සඳහා සිංගප්පූරු සමාගමක් සමඟ නව ගිවිසුමක්
May 7, 2012 04:15 pm
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රිමියර් ලීග් 20 / 20 ක්‍රිකට් තරගාවලියක් සඳහා සිංගප්පූරු සමාගමක් සමඟ නව ගිවිසුමකට එළඹීමට තීරණය කර තිබේ.
සිංගප්පූරුවේ සමර්සෙට් එන්ටර්ටේන්ට්මන්ට් වෙන්චර්ස් නැමති ආයතනය සමඟ එම ගිවිසුමට එළඹීමේ මූලික කටයුතු මේ වන විට අවසන් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
පසුගිය සිකුරාදා වන විට නව ගිවිසුම අත්සන් කිරීමට අදාළ කටයුතු සම්පූර්ණ කර ඇත.
අදාළ ආයතනය සමඟ මීට පෙර ද මතභේදකාරී ගිවිසුමක් අත්සන් කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කමිටුවක් ද පත් කෙරුණි.
ඉදිරියේ දී අදාළ තොරතුරු දැනුම් දෙන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වුව ද අගෝස්තු මස මැද සතියේ සිට අන්තර් පළාත් පන්දුවාර 20 / 20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.