ඩෙකෑන් චාර්ජස් පරදවා රෝයල් චැලෙන්ජස් ජය ගනියි

May 7, 2012   08:51 am

ඉන්දීය ප්‍රීමියර් ලීග් කුසලාන තරගාවලියේ ඊයේ (06) පැවති තරගයෙන් ඩෙකෑන් චාර්ජස් කණ්ඩායම පරදවා කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සමත්ව තිබේ.

කාසියේ වාසිය දිනා ගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඩෙකෑන් චාර්ජස් කණ්ඩායමට පිරිනමන ලදි.

ඒ අනුව එම කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 2ක් දැවී ලකුණු 181 ක් ලබාගැනීමට හැකි විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 5 දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණූ 185 ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීම‍ට සමත් විය.