රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2012 මැයි මස 11 වෙනි දා

May 6, 2012   09:48 am

අටවැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2012 මැයි මස 11 වෙනි දින සන්ධ්‍යාවේ වෝටර්ස් එජ් හිදී පැවැත්වේ. ඒ වෙනුවෙන් සම්මාන උළෙලේ සංවිධායකයින් විසින් යොමු කරන ලද නිවේදනය පහත පරිදිය.

වසර අටක් යනු සම්මාන උළෙලකට දීර්ඝ කාලයකි. එහි සංවිධායකවරුන්ට දීර්ඝ අත්දැකීමකි. සම්මාන ලාභීන්ට බලාපොරොත්තුවකි. වසර අටක් පුරාවට අඛණ්ඩව ඉහළම තත්ත්වයේ සම්මාන උළෙලක් පැවැත්වීම අභියෝග ජය ගැනීමකි. ඒ සතුට සහ ශක්තිය අප ශ්‍රී ලාංකික ටෙලි මාධ්‍යය සහ ජනතාව සමග ඛෙදා හදා ගන්නේ මෙවර, සුවිශේෂි වුද සමස්ත ටෙලි මාධ්‍යයම ආවරණය කරන්නාවුද ජාතියේ ටෙලි සම්මාන උළෙල සංවිධානය කිරීමේ භාරදූර වගකීම ඉතා සාදරයෙන් පිළිගනිමිනි.

යමක් වටින්නේ හර වටිනාකම් රැකගෙන දිනෙන් දින වෙනස් වන්නේ නම් පමණි. එකම රටාවකට සම්මාන ලාභීන් පොලීමේ පැමිණ සම්මාන ලබා ගන්නා උළෙලක කිසිදු රසයක් නැත. ප්‍රෙක්ෂකයින්ගේ උනන්දුවක් නැත. බොහෝ සම්මාන උළෙල වලදී ප්‍රේක්ෂක අත්පොළසන් නාදය පවා අඩුවෙමින් යන්නේ එකා පිටු පස එකා පැමිණ ලබා ගන්නා සම්මාන පෝලිමේ නීරස භාවය නිසාමය. ශ්‍රී ලාංකික ජනතාවට නවමු අත්දැකීමක් වු අයිෆා සම්මානය අතිවිශාල ජනප්‍රියතාවයක් ලැබුවේ එම රාමුවෙන් බැහැරවීම නිසා විය යුතුය.

රයිගම් ටෙලි සම්මාන උළෙල වසර අටකට පෙර ඇරඹෙන්නේ ටෙලි නාට්‍ය කලාව සඳහා සම්මාන පුදකරන ටෙලි නාට්‍ය සම්මාන උළෙලක් ලෙසය. එය ටෙලි නාට්‍ය කරුවන්ගේ මහා මංගල්‍යය විය. වසරින් වසර විවිධ පැතිකඩ ඔස්සේ ටෙලි නාට්‍ය කුසලතාවයන් ද ප්‍රේක‍ෂක අපේක‍ෂාවන් හා ටෙලි මාධ්‍යය සඳහා උතුම් දායකත්වයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨයන් අගයමින් ද අනන්‍ය ටෙලි සම්මාන අත් දැකීමක් එක්කළ රයිගම් ටෙලි සම්මානය පසුව රයිගම් ටෙලීස් වෙයි. නමින් සන්නාම ගත කරන්නේ ෆිල්ම් ෆෙයා, ග්‍රැමි වැනි ජාත්‍යන්තර තලයේ සම්මාන උළෙලක් දක්වා එය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය. අප මින් ඉදිරියට රයිගම් ටෙලීස් ගැන කතා කරමු.

ටෙලිවිෂන් මාධ්‍යයේ සියලූ අංශ ආවරණය කරයි. ඊට ටෙලි නාට්‍යය මෙන්ම ළමා - ක්‍රීඩා - දේශපාලන - ප්‍රවෘත්ති - වාර්තා - රියලිටි සහ වෙනත් විවිධ වැඩසටහන් සහ තාක්ෂණ අංශ ඇතුළත්ය. එමෙන්ම රයිගම් ටෙලිස් වෙතින් සම්මානයක් ප්‍රදානය කරන්නේ ජාතික මට්ටමින් සළකා බැලිය හැකි කුසලතාවන් සඳහා පමණි. ඒ සඳහා රයිගම් ටෙලීස් අනුගමනය කරන සම්මතයන් ඇත. මේ නිසා රයිගම් ටෙලීස් —ජාතියේ ටෙලි සම්මාන˜ වෙයි. රයිගම් ටෙලීස් සම්මානයට පාත්‍රවන විවිධ අංශ රැසකි.

රයිගම් ටෙලීස් උළෙලේ සම්මාන පරාසය පුළුල් කළද ටෙලි නාට්‍යය සඳහා ප්‍රදානය කෙරෙන සම්මාන සංඛ්‍යාව එලෙසින්ම පවත්වාගෙන යාමට රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය තීරණය කර ඇත. මේ අනුව පසුගිය වර්ෂ වලදී මෙන්ම වසරේ විශිෂ්ටතම ගායන, රංගන,තාක‍ෂණ සහ ටෙලි නාට්‍යය නිර්මාණ කුසලතාවයන් අගයමින් වසරේ විශිෂ්ටතම ප්‍රාසාංගික, ඒකාංගික ටෙලි නාට්‍යය ඇතුළු විශිෂ්ටතා සම්මාන ඒ අයුරින්ම ප්‍රදානය කරනු ඇත.

පුංචි තිරයේ ජනප්‍රියතම අංගය ටෙලි නාට්‍ය වුවද, එය වැඩිම වේලාවක් අරක්ගත්තේ විවිධ වැඩ සටහන්ය. රූපවාහිනි මාධ්‍යයේ වගකීම වන්නේද ප්‍රේක්ෂකයන්ගේ විනෝදාස්වාදය මෙන්ම, දැනුම, අවබෝධය සහ යාවත් කාලීන කරවීමේ සන්නිවේදන වගකීමයි. එය යුගයේ ප්‍රබලතම විඥාපන මෙවලමයි. මේ නිසා ජනතාවගේ ආනන්දයටත්, ප්‍රඥාවටත් හේතුවන උසස් තත්වයේ නිර්මාණ ඉදිරිපත් කිරිමේ හා තාක්ෂණ කුසලතාවයන් වඩ වඩාත් දකිනු රිසියෙන් මෙම අංශයේ සම්මාන පුවත් වාර්තාකරණය, ප්‍රවෘත්ති නිවේදනය, කාලීන වැඩසටහන්, අධ්‍යාපන, ළමා, සංගීත, රියැලිටි හා දේශපාලන මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කිරිමේ (සම්ප්‍රවේෂකයන්) විශිෂ්ටත්වයන් උදෙසා ද පිරිනමනු ඇත.

මෙවර සම්මාන උළෙලේදී ප්‍රවෘත්ති නිවේදනය හා වැඩසටහන් සම්ප්‍රවේශක සඳහා සිංහල, දමිළ හා ඉංගී්‍රසි මාධ්‍යයන් වෙනුවෙන් වෙන වෙනම සම්මාන ප්‍රදානය කෙරේ. සුපුරුදු පරිදි මෙවරත් වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය, ටෙලි නාට්‍ය නළුවා සහ ටෙලි නාට්‍ය නිළිය ප්‍රේක‍ෂක ජුරීය විසින් තීරණය කරනු ඇත. අවසානයේදී ටෙලි නාට්‍ය විදින්නේ මහජනතාවයි. කවුරුන් කෙසේ කුමන ඇසකින් බැලූවද කෙසේ විශ්ලේෂණය කළද නිර්මාණයක් සාර්ථක වන්නේ ප්‍රේක‍ෂක ජනතාව එය වැළඳ ගන්නේ නම් පමණි. ඒ බව නිර්මාණ කරුවන්ද අවධාරණය කරගත යුතුය. ජනප්‍රිය වීමට සිතා නිර්මාණය කරන කසිකබල්, මහජනතාව එලෙසින්ම පිළිනොගන්නා බවටද යම් නිර්ණායකයක් පැවතිය යුතුය. මේ නිසා තම හෘද සාක්ෂිය ප්‍රකාශ කිරීමේ සාධාරණය ප්‍රේක‍ෂක ජනතාවට ලබා දෙමින් ජනප්‍රිය සම්මාන ලාභීන් තීරණය කරනු ඇත.

මේ සඳහා මහජනතාවට වඩාත් පහසු කෙටි පණිවුඩ ක්‍රමය ප්‍රථම වරට හදුන්වා දුන්නේ රයිගම් ටෙලි සම්මානයයි. මෙවරද තමන් සිත්ගත් ටෙලිනාට්‍යය, ටෙලනාට්‍ය නළුවා නිළිය ජයග්‍රහණය කරවීම සඳහා තම මතය ප්‍රකාශ කිරීමට ප්‍රේක‍ෂක ජනතාවට අවස්ථාව ලැබේ.

රූපවාහිනී ෙක‍ෂ්ත්‍රයේ උන්නතිය සඳහා උතුම් දායකත්වයක් ලබාදුන් කලා ශිල්පීන් හා පුරොගාමීන් සඳහා ප්‍රණාම සම්මාන ප්‍රානය කිරීම රයිගම් ටෙලිස් සම්මාන උළලේ සුවිශේෂී අංගයකි. මේ දක්වා ප්‍රණාම සම්මාන ලැබූවන් අතර රූපවාහිනී කලා මාධ්‍යයේ ජ්‍යේෂ්ඨයන් මෙන්ම රූපවාහිනි තාක‍ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකල වූවන්ද විය. රෝහණ වීරසිංහ, සෝමවීර සේනානායක, මැලිබන් නිවස, ජී.ආර්. පෙරේරා, සුනිල් රත්නායක, සිග්නීස් ලංකා, සෙලින්කෝ සමූහ ව්‍යාපාරය, නාලන් මෙන්දිස්, මියුරි සමරසිංහ,ජේ.එච්. ඡයවර්ධන, දයා අල්විස්, නන්දා මාලනී, කේ.එන්. ගුණවර්ධන, අයිරාංගනී සේරසිංහ, බන්දුල වීතානගේ, නන්දා ඡයමාන්න, මිල්ටන් පෙරේරා, සුමති සම්මාන සහ රූපවාහිනී නාලිකාවන්ද මේ අතර විය. මෙම සම්මාන කුලකය යටතේ 2007 වර්ෂයේදී හඳුන්වාදුන් ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය සෑම උළෙලකදීම ප්‍රදානය කරන උත්තම සම්මානයයි. මෙම සම්මානය ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන්නකි. මේ දක්වා ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානයෙන් පිදුවන් වන්නේ ආචාර්ය ඩී.බී.නිහාල්සිංහ, ශාන් වික්‍රමසිංහ, කලාශූරී ටයිටස් තොටවත්ත සහ කලාශූරී සතිස්චන‍ද්‍ර එදිරිසිංහ හා ලුෂන් බුලත්සිංහල යන ප්‍රවීණයන්ය.

සම්මාන උළෙලේදී වැඩිම සම්මාන සංඛ්‍යාවක් ඡයග්‍රහණය කරන රූපවාහිනී නාලිකාව වසරේ සම්මානනීය නාලීකාව ලෙස අභිෂේක ලබනු ඇත. වසරේ සම්මානනීය නාලීකාව තීරණය කිරීම උදෙසා වඩාත් විනිවිද පෙනෙන දර්ශකයක් භාවිතා කරන එකම සම්මාන උළෙල මෙයයි.

සම්මාන උළෙල ඉතා උත්කර්ෂවත් ලෙස, සම්මානයේ අභිමාණය රැකෙන පරිදි සංවිධානය කර ඇති අතර රාජ්‍ය අනුග්‍රහයද මේ සඳහා නොමදව ලැබේ. රූපවාහිනි මාධ්‍යයට සම්බන්ධ කලා ශිල්පීන්, නාලිකා ප්‍රධානීන් ඇතුළු මාධ්‍යයේ සියලූ කොටස්රුවන් එකට මුණ ගැසෙන මෙම රාත්‍රිය අමතක නොවන අත්දැකීමක් වනු ඇත. සජීවී ලෙස උළෙල නැරඹීම ආරාධිතයන්ට පමණක් සීමා වන අතර පසුව එය රූපවාහිනි මාධ්‍ය ඔස්සේ නැරඹීමට සමස්ථ මහ ජනතාවට අවස්ථාව ලැඛෙනු ඇත.

මෙවර විනිශ්චය මණ්ඩලය සඳහා විවිධ අංශ නියෝජනය වන පරිදි සත් දෙනෙකු ගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් පත්කර ඇති අතර ඔවුන් බොහෝ දෙනා මෙම උළෙලේත් වෙනත් සම්මාන උළෙල වලත් විනිශ්චය අත්දැකීම් ලැබුවන් වේ. තවද මැදහත් සිතින් නිර්මාණ විශ්ලේෂණය කීරීම උදෙසා රූපවාහිනි මාධ්‍යයට සම්බන්ධ නොවන නියෝජනයක්ද ජූරී සභාවට ඇතුළත් වේ. මෙවර විනිශ්චය මණ්ඩල ප්‍රධානත්වය දරන්නේ මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක මහතාය.සෙසු විනිශ්චය මණ්ඩල සාමාජිකයන් වන්නේ මහාචාර්ය අජන්තා හපුආරච්චි, මහාචාර්ය සම්පත් අමරතුංග, විශාරද එඩ්වඩ් ජයකොඩි, ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය හංසමාලා රිටිගහපොළ, ප්‍රවීණ කලාකරු බුද්ධදාස ගලප්පත්ති හා විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරි ආර්. ධර්මකුලසිංහම් යන මහත්ම මහත්මීන්ය.

ජනප්‍රිය සම්මාන

තම මනාපය ප්‍රකාශ කිරීම සඳහා ටෙලිනාට්‍යයයේ නම (හිස් තැනක්) නළුවාගේ නම (හිස් තැනක්) නිළියගේ නම සඳහන්කර 0772 522522 දුරකථන අංකයට එස්.එම්.එස් කළ යුතුය. 2012 අප්‍රේල් මස 01 දින සිට 2012 මැයි මස 09 දින මධ්‍යම රාත්‍රිය දක්වා මෙම ීඵී මත විමසුම විවෘතව පවතී. මේ සඳහා සහභාගිවන ප්‍රේක‍ෂකයන් අතරින් 25 දෙනෙකුට උළෙල නැරඹීම සඳහා ප්‍රවේශපත් 2 බැගින් ප්‍රද්‍රානය කරනු ඇත. මෙම අවස්ථාව ඡයග්‍රහණය කරන ප්‍රේක‍ෂකයන්ට තම දුරකථන අංකය ඔස්සේම ආරාධනා පත්‍රය ලැඛෙනු ඇත. රයිගම් ටෙලිස් ලේකම් කාර්යාලයෙන් ලැඛෙන එස්.එම්.එස් පණිවුඩය ඉදිරිපත්කර මුද්‍රිත ආරාධනාපත ලබා ගත හැකිය.



මෙවර නිර්දේශිත නාමයන් පහත පරිදිය. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප‍්‍රවෘත්ති වාර්තාකරණය



01. ලෝක කුසලාන ප‍්‍රවේශපත‍්‍ර ජාවාරම (SW)

02. විමර්ශන - මහව, නාගොල්ලාගම ගස්ලබු වගා විනාශය (SIRASA)

03. විශ‍්‍රාම වැටුප් ප‍්‍රශ්නය - නිදහස් වෙළෙඳ කලාපය (DNA)

04. දොම්පෙ පොලීසියට පහර දීම (DNA)



වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප‍්‍රවෘත්ති නිවේදක - සිංහල



01. චමින්ද ගුණරත්න (SLRC)

02. චේතනා ලියනගේ (SIRASA)

03. උත්පලා රත්නායක (DNA)

04. නදීක කරුණනායක (SW)



වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප‍්‍රවෘත්ති නිවේදක - දෙමළ

01. අයි. යෝගරාජ් (Wasanthan TV)

02. ඉෆ්රාන් මෙහොමඞ් (Wasanthan TV)

03. රාජනී ඇන්ඩෘ (SLRC)

04. රාජේන්‍ද්‍රන් කෝගුල්නාදන් (Shakthi TV)



වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප‍්‍රවෘත්ති නිවේදක - ඉංග‍්‍රීසි

01. දුලාංජලී මිහිඳුකුලසූරිය (ITN)

02. ෂැරෝන් මස්ක්‍රෙන්හෑස් (SLRC)

03. ඉන්දීවරී අමුවත්ත (Art TV)

04. මහිනා බොන්ග්සෝ (SIRASA)



වසරේ විශිෂ්ටතම වැඩසටහන් ඉදිරිපත් කරන්නා - සිංහල

01. සමිත ප‍්‍රසන්න ආරච්චි (SLRC)

02. ප‍්‍රියාල් වීරසිංහ (ITN)

03. විශ්ව ලංකා (DNA



වසරේ විශිෂ්ටතම වැඩසටහන් ඉදිරිපත් කරන්නා - දෙමළ



01. සී. කිරුභාකරන් (Ch. Eye)

02. එස්.එම්.එම්. මුෂාරෆ් (Wasanthan TV)

03. හෝෂියා ස්නෙල් ඇල්ෆ‍්‍රඞ් (Shakthi TV)



වසරේ විශිෂ්ටතම වැඩසටහන් ඉදිරිපත් කරන්නා - ඉංග‍්‍රීසි

01. ක්ලිෆර්ඞ් රිචඞ් (Ch. Eye)

02. ෂැරෝන් මස්ක්‍රෙන්හෑස් (Ch. Eye)



වසරේ විශිෂ්ටත ම ටෙලි නාට්‍ය ගීත රචනය

1. ඇත්කඳ ලිහිණියා නාට්‍යයේ"කිතුල් කපාලා" ගීතය රචනා කළ සරත් ධර්මසිරි /SLRC

2. ස්වයංජාත ටෙලි නාට්‍යයේ"පාරමීදම් පුරා"ගීතය රචනා කළ බණ්ඩාර ඇහැලියගොඩ /ITN

3. බිනරි ටෙලි නාට්‍යයේ "සහසක් ලන්දූ"ගීතය රචනා කළ සුරම්‍යා මාපිටිය/SLRC



වසරේ විශිෂ්ටත ම ටෙලි නාට්‍ය ගීත ගායකයා

1. අමරසිරි පීරිස් - සඳගිරි පව්ව (අනෝතත්ත විල)SW

2. කරුණාරත්න දිවුල්ගනේ - බිනරි (සහසක් ලන්දූ)SLRC

3. සුනිල් එදිරිසිංහ -ස්වයංජාත (පාරමී දම්)ITN



වසරේ විශිෂ්ටත ම ටෙලි නාට්‍ය ගීත ගායිකාව

1. ශෂිකා නිසංසලා - සඳගිරි පව්ව (අනෝතත්ත විල) SW

2. නන්දා මාලනී - ස්වයංජාත (පාරමී දම්)ITN

3. නෙලූ අධිකාරි - හිරුට හොරෙන්

(එන්න එන්න මිතුරියෝ)ITN



වසරේ විශිෂ්ටත ම ටෙලි නාට්‍ය සහාය නළුවා 1. කුමාර තිරිමාදුර - ඇත්කඳ ලිහිණියාSLRC

2. අතුල පතිරණ - ස්වයංජාත /ITN

3. රොෂාන් පිලපිටිය - ස්වයංජාත /ITN

4. විල්මන් සිරිමාන්න - බිනරි SLRC





වසරේ විශිෂ්ටත ම ටෙලි නාට්‍ය සහාය නිළිය

1. චාන්දනී සෙනෙවිරත්න - සැණකෙළියයි මායා /ITN

2. ප‍්‍රතිභා හෙට්ටිආරච්චි - සැණකෙළියයි මායා/ITN

3. අනුරුද්ධිකා පාදුක්කගේ - ස්වයංජාත /ITN

4. ෆර්නි රෝෂිණී - ස්වයංජාත /ITN





වසරේ විශිෂ්ටත ම ටෙලි නාට්‍ය නැගී එන නළුවා 1. රයන් වැන්රෝයන් - කඩදොර /ITN

2. විශ්වනාත් කොඩිකාර - සත් රළ පෙළ/ SIRASA

3. හර්ෂ ප‍්‍රසාද් - සැණකෙළියයි මායා/ITN



වසරේ විශිෂ්ටත ම ටෙලි නාට්‍ය නැගී එන නිළිය

1. වර්ෂා පෙරේරා - ඉකිබිඳින තාරුකා /SLRC

2. රශ්මි යාලගම - සුළඟට එන්න කියන්න/ SIRASA

3. සූජීවා ඩයස් - සඳ නුඹ නම් /SW



වසරේ විශිෂ්ටත ම ටෙලි නාට්‍ය නළුවා

1. බිමල් ජයකොඩි - සැණකෙළියයි මායා /ITN

2. පාලිත සිල්වා - ස්වයංජාත /ITN

3. ජනක් පේ‍්‍රමලාල් - ස්වයංජාත/ ITN



වසරේ විශිෂ්ටත ම ටෙලි නාට්‍ය නිළිය 1. පබෝදා සංදීපනී - සැණකෙළියයි මායා/ ITN

2. දමිතා අබේරත්න - ස්වයංජාත /ITN

3. සමාධි ලක්සිරි - කඩදොර /ITN





වසරේ විශිෂ්ටත ම ටෙලි නාට්‍ය තිරරචනය

1. ඇත්කඳ ලිහිණියා - සරත් ධර්මසිරි/ SLRC

2. සැණකෙළියයි මායා - රෙජිනෝල්ඞ් ජයමාන්න/ ITN

3. කඩදොර - රජිව් ආනන්ද /ITN





වසරේ විශිෂ්ටත ම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය

1. ස්වයංජාත - සුදත් රෝහණ /ITN

2. ඇත්කඳ ලිහිණියා - සරත් ධර්මසිරි /SLRC

3. සැණකෙළියයි මායා - රෙජිනෝල්ඞ් ජයමාන්න /ITN



වසරේ විශිෂ්ටත ම ඒකාංගික ටෙලි නාට්‍ය

1. තනිකමේ අඬහැරය /SIRASA

2. සුළඟට එන්න කියන්න /SIRASA

3. අවුරුදු දියණිය /SLRC



වසරේ විශිෂ්ටත ම ටෙලි නාට්‍ය

1. ස්වයංජාත /ITN

2. ඇත්කඳ ලිහිණියා /SLRC

03.සැණකෙලියයි මායා/ ITN