ලස්සන ෆ්ලෝරා සමග “ඒප්‍රිල් බ්ලූම්ස් 2012” විචිත්‍රවත් වෙයි
May 4, 2012 03:59 pm
ලස්සන ෆ්ලෝරා සභාපති කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා ජයග්‍රාහකයෙකුට සම්මාන ප්‍රදානය කරයි.
නුවරඑළිය මහ නගර සභාව විසින් පවත්වන ලද මේ වසරේ “ඒපිර කාල් බ්ලූම්ස් 2012 වාර්ෂික” මල් ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මල් සැරසිලි සහ සැපයුම් ආයතනයක් වන ලස්සන ෆ්ලෝරා ආයතනය ඉදිරිපත් වී ඇත.
වසන්ත සමයේ දී දිවයිනේ නන් දෙසින් නුවරඑළියට පැමිණි දහස් සංඛ්යාමත පිරිසක් සමඟ විදෙස් සංචාරකයෝ රැසක් ද “ඒප්‍රිල් බ්ලූම්ස් 2012 වාර්ෂික” ප්‍රදර්ශනය නැරඹූහ.
මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන යුරෝපීය මාදිලියේ එකම මල් ප්‍රදර්ශනය ලෙස ප්‍රකට අතර මෙමගින් උඩරට කඳුකරයේ වැවෙන විවිධ මල් වර්ග දැකබලා ගැනීමට මෙමගින් නරඹන්නන්ට අවස්ථාව උදාවිය.
නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පගේ මහතා සහ නුවරඑළිය මහ නගර සභාව විසින් සංවිධානය කරන ලද මෙවර “ඒප්‍රිල් බ්ලූම්ස් 2012 වාර්ෂික” ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා වූයේ මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ගරු ටිකිරි කොබ්බෑකඩුව මහතාය.
මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයා වීම පිළිබඳව ලස්සන ෆ්ලෝරා සමාගම ඉමහත් සතුටට පත්වන බවත් එමගින් උසස් තත්ත්වයේ මල් වර්ග වගාකිරීම සක්‍රීය ලෙස දිරිගැන්වීමටත් ඊට සමගාමීව නව නිර්මාණාත්මක මල් සැරසිලි ඉදිරිපත් කිරීමට සහ ගෙවතු ආශ්‍රිතව මල් වගාව ප්‍රවර්ධනය කිරිමට හැකි වනු ඇති බවත් ලස්සන ෆ්ලෝරා සභාපති කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා ප්‍රකාශ කරයි.
“ඒප්‍රිල් බ්ලූම්ස් 2012 වාර්ෂික” ප්‍රදර්ශනයේ කොටසක් වශයෙන් මල් උයන් සැකසීම, පාත්ති මල් වගාව සහ කැපූ මල් යන මාතෘකා යටතේ තරඟමාලාවක් පවත්වන ලද අතර මහත් උද්යෝගයෙන් බොහෝ පිරිසක් ඊට සහභාගී වූහ.
උසස් තත්ත්වයෙන් විවිධ මල් වර්ග ඉදිරිපත් කළ වාණීජ සහ පෞද්ගලික මල් වගාකරුවන්ට සම්මාන ප්‍රදානය කෙරිණි.
මල් සැකසුම් තරඟය මෙම වැඩසටහනේ ප්‍රධාන අංගයක් වූ අතර සිය ගණනක් නව නිර්මාණාත්මක මල් සැරසිලි ඉදිරිපත් කරමින් තරඟයට ඉදිරිපත් වූහ.
උද්‍යාන තරඟය ශ්‍රී ලංකාවේ පැවැත්වූ මෙවැනි පළමු තරඟය වෙයි.
වාණීජ සහ පෞද්ගලික උද්‍යාන දැඩි ලෙස අධීක්ෂණය කළ විනිශ්චයකරුවෝ විසිතුරු ශාඛ වර්ග, මල්, මල් පාත්ති සහ තණ බිසි වැනි අංශ කෙරෙහි දැඩි අවධානය යොමු කොට විනිශ්චය කළහ.
ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා වූයේ ජාතික උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේතුංග මහතාය.
තවදුරටත් අදහස් පළ කළ වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා මෙසේ පැවසීය “ශ්‍රී ලංකාවේ මල් කර්මාන්තයේ පෙරමුණෙහි වැජඹෙන ආයතනයක් වශයෙන් ලස්සන ෆ්ලෝරා සමාගම අපගේ මල් කර්මාන්තයේ ගුණාත්මක සහ නවෝත්පාදන සංකල්ප ඉහළ මට්ටමකට පත්කිරීම සඳහා නිරතුරුව ක්‍රියාකිරීම අපගේ ආයතනික, සමාජයීය වගකීම බව අපි දැඩි ලෙස විශ්වාසය කරනවා මෙවැනි තරඟ මගින් ඊට ඇති බාධා ඉවත් කරමින් සැමවිටම අවශ්‍ය සහය ලබාදීමට හැකි වුණා.”
“ඒප්‍රිල් බ්ලූම්ස් 2012 වාර්ෂික” ඉතා ඉක්මණින් මෙරට සංචාරක ආකර්ශනය හිමි ප්‍රධාන ප්‍රදර්ශනයක් බවට පත්වන බව විශ්වාසය කරන බව මේ වසර තුළ තමන් අත්කරගත් සාර්ථකත්වය පිළිබඳ කරුණු දක්වමින් ඔහු ප්‍රකාශ කරයි