ඩීතම් ට්‍රැවල්ස් සහ FTI එක්ව නව මගී නෞකා සේවයක්
May 4, 2012 01:21 pm
ජර්මනියේ ප්‍රමුඛ පෙළේ සංචාරක නියෝජිත ආයතනයක් වන FTI සමූහය ඩීතම් Diethelm ට්‍රැවල්ස් ශ්‍රී ලංකා සමාගම හා එක්ව ඩුබායි සිට ශ්‍රී ලංකාව දක්වා සංචාරක මගී නෞකා සේවයක් අරඹන බව නිවේදනය කර තිබේ.
මෙම සුඛෝපභෝගී මගී නෞකා සේවය එළඹෙන ශීත සෘතුවේ දී ඩුබායි සිට මස්කට්, මුම්බායි, ගෝව හා කොච්චින් වරායන් හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මේ අනුව ශ්‍රී ලංකාවට සැපත්වීමට නියමිත පළමු සුපිරි නෞකාව වන්නේ FTI BERLIN නෞකාවය.
ඕස්ට්‍රේලියානු, බ්‍ර්තානයන, ජර්මානු සහ ස්විස් ජාතික සුපිරි මගීන් 4000 ක් පමණ ඉදිරියේ දී එමගින් යාත්‍රාව කරනු ඇත.
ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් මෙම කිරතරයාවලිය මහඟු දායකත්වයක් සපයනු ලබනු ඇති බව හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පරිපාලිත සමාගමක් වන Diethelm ටරැත වල්ස් ශ්‍රී ලංකා සමාගමේ සභාපති අබාස් එසුෆලි මහතා කියා සිටියි.
මෙහිදි අබාස් එසුෆලි මහතා මෙසේද ප්‍රකාශ කර ඇත “ඉහළ ක්‍රය ශක්තියක් ඇති සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මෙය කදිම අවස්ථාවක් වනු නොඅනුමානයි. විශේෂයෙන් මෙරටට එන සංචාරකයින් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන බතික් වෙළෙඳුන්, වෙස් මුහුණු නිපදවන්නන්ගේ සිට කොළඹ නගරයේ පිහිටි සුපිරි හෝටල් දක්වා සංචාරක ව්යාරපාරයට සම්බන්ධ සියලූම අංශ සඳහා මේ මගින් ලැබෙනුයේ අනගි පිටිවහලකි. ඉදිරි අනාගතයේ දී මෙරට සංචාරක කර්මාන්තය අතිශයින්ම ලාභදායී කර්මාන්ත ක්ෂේත්‍රයක් වනු නිසැකයි. මෙහිදී දියුණුවක් ඇතිවන්නේ සංචාරක කර්මාන්තයේ පමණක් නොවෙයි මේත් සමඟම ශ්‍රී ලංකාව යනු සංචාරය සඳහා ආකර්ෂණීය ස්ථානයක් බවට ලොව පුරා ප්‍රචලිත වෙනවා”
නැව් කුටි (cabin) 206 කින් සමන්විත වන FTI BERLIN නෞකාව 2012 දෙසැම්බර් සිට 2013 දක්වා කාලය අතුරතුර දස වතාවක් ඩුබායි සහ කොළඹ අතර යාත්‍රා කිරීමට නියමිතය.
මස්කට් නැව්තොටේ සහ ඉන්දියාවේ මුම්බායි, ගෝව හා කොච්චින් යන වරායන්වල අතරමග දී නවතුම් විරාම ලබාගන්නා මෙම නෞකාව ඩුබායි,කොළඹ, නාවුක මාර්ගය ඔස්සේ ගමන් කරයි.
FTI BERLIN නෞකාව ශ්‍රි ලංකාව වෙත සිදුකරන මංගල ගමන්වාරය 2012 දෙසැම්බර් 05 වැනි දින සිදුකිරීමට නියමිතය.
දල වශයෙන් එක් ගමන් වාරයක දී මගීන් 400 දෙනෙකු ගමන් ගැනීමට සැලසුම් කෙරෙන අතර ශ්‍රී ලංකාවට පැමිණ නැවත ඩුබායි දක්වා ගමන් ඇරඹූ පසු තවත් මගීන් 400 දෙනෙකු රැගෙන ඩුබායි බලා පිටත්වීමට බලාපොරොත්තුවේ.
මෙම ගමන් වාරයේ දී ලැබෙන තවත් එක් සුවිශේෂී අවස්ථාවක් නම් නැවත යාමේ බලාපොරොත්තුවෙන් මෙරටට ගොඩ බසින මගීන්ට හෝ ශ්‍රී ලංකාවේ සිට ගමන් අරඹන මගීන්ට අතිරේක දින කිහිපයක් මෙරට වෙරළ තීරයේ හෝ සංචාරක ප්‍රදේශවල විවේකීව ගත කිරීමට අවස්ථාව ලැබීමය.
මෙම නවතම මුලපිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ FTI සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී Dietmar Gunz මහතා මෙසේ කියා සිටියේය. “එළඹෙන ශීත සෘතුවේ දී FTI BERLIN නෞකාව කොළඹ බලා ගමන් ගැනීමට බලාපොරොත්තු වෙනවා. කොළඹ යනු නාවුක ගමනාන්තයක් සඳහා කදිම ස්ථානයක්. ඩුබායි හා ශ්‍රී ලංකාව අතර මෙම නවතම නෞකා ගමන්වාරය අතිශයින් සාර්ථක වනු ඇතැයි අපි විශ්වාස කරනවා. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුව උදෙසා මහත් සේ උපකාරී වනු ඇති”
මෙම කර්ත්‍ව්‍යයේ සාර්ථකත්වයන් අනුව, මෙරට තිරේ දකුණාමල හා හම්බන්තොට වරායන් ගමනාන්ත කරගනිමින් යාත්‍රා කිරීමට ඇති හැකියාව පිළිබඳ FTI Touristik නෞකාව අධ්‍යයනයක යෙදෙන බවත් මගී නෞකා කර්මාන්තයේ මෙරට ව්‍යාප්තියත් සමඟම තවත් සංචාරක නියෝජිතායතන ඊට හවුල් වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් අතීත අත්දැකීම් අනුව මෙම මුලපිරීම සාර්ථක වන බවට විශ්වාස කරන බවත් මේ පිළිබදව අදහස් දැක්වූ එසුෆලි මහතා කියා සිටියේය.
1980 දී නිෂ්පාදනය කරන ලද FTI BERLIN නෞකාව, නැව් කුටීන් (cabin) 206කින් යුක්ත වේ.
1986 සිට 1998 දක්වා කාලය තුළ විකාශය වූ ජනප්‍රිය ජර්මානු රූපවාහිනී කතා මාලාවක් වූ “Das Traumschiff” සිහින නෞකාව හි ප්‍රධාන භූමිකාවක් රඟදැක්වූයේ මෙම FTI BERLIN නෞකාවය.
වරකට මගීන් 400 දෙනෙකුට පමණ පහසුකම් සැලසිය හැකි මෙම යාත්‍රාව භෝජනාගාර දෙකක්, මධුපැන්හලක්, බීර ගෘහෝද්යාමනයක් (beer garden) හා විවේකාගාරයකින් (lounge) සමන්විත වේ. එසේම ගෘහස්ථ හා එළිමහන් පිහිනුම් තටාක, ස්පා, ව්‍යායාම් මධ්‍ය ස්ථානයක්, සෝනා, solarium සහ සම්බාහන සේවාවන්ගෙන් මෙය යුක්ත වේ.
FTI සමූහය ජර්මනියේ සංචාරක කටයුතු මෙහෙයවන විශාලතම ආයනයක් වන අතර Diethelm Travels සමාගම ශ්‍රී ලංකාවේ හේමාස් සමූහයේ පරිපාලිත සමාගමක් වේ.