සයුරෙන් එතෙර
පකිස්ථානයේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයකින් 11 ක් මරුට
May 4, 2012 11:28 am
පකිස්ථානයේ දී එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.
පකිස්ථානයේ වයඹ දිග ප‍්‍රදේශයේ පිහිටි ආරක්ෂක මුරපොළක් ඉලක්ක කරමින් ප‍්‍රහාරය එල්ල වී ඇති බව එරට බලධාරීහු පවසති.
ඛාර් ප‍්‍රදේශයේ බජාර් නගරයේ දී ප‍්‍රහාරය එල්ල වී ඇත.
එහිදි මියගිය 11 දෙනා අතුරින් සිව් දෙනෙකු පොලිස් නිලධාරීන් බව සදහන්ය.
නගරයේ පිහිටි ආරක්ෂක මුරපොළ වෙත පැමිණ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරකරු සිය පපුවේ පැළැද සිටි බෝම්බය පුපුරවාගත් බව ඇසින් දුටුවන් ප‍්‍රකාශ කර ඇත.
ප‍්‍රහාරය පිටුපස තලෙයිබාන් සටන්කරුවන් සිටින බව පකිස්ථාන බලධාරීහු සැක පළකරති.