ආසියාතික ගෝන්ප‍්‍රී මලල ක‍්‍රීඩා උළෙල 8 වැනිදා ඇරඹෙයි

May 4, 2012   09:42 am

2012 ආසියාතික ගෝන්ප‍්‍රී මලල ක‍්‍රීඩා උළෙල මේ මස 8 වැනිදා තායිලන්තයේදී ආරම්භවේ.

ආසියාතික මලල ක‍්‍රීඩා සංගමය මගින් වාර්ෂිකව මෙහෙය වන මෙම තරගාවලිය සඳහා ආසියාවේ සුපිරි මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගීවීමට නියමිතය.

මේ සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පස්දෙනෙකු සහභාගි වනු ඇත.

ලබන 8 වැනිදා අදියර තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු අදියරය ආරම්භවීමට නියමිතව තිබේ.

එය බැංකොක් නුවරදී පැවැත්වෙන අතර දෙවන අදියර ලබන 11 වැනිදා සිට කාංචානාපූරී හිදි පැවැත්වේ.