මලල ක්‍රීඩා නිලවරණයෙන් සභාපති අසුන දයාට - සුසන්තිකාට උප සභාපති අසුනක්

May 3, 2012   02:50 pm

අද (03) පැවති ශ්‍රී ලංකා මලල ක්‍ර්‍රීඩා සංගමයේ නිලවරණයෙන් එම සංගමයේ නව සභාපති වශයෙන් මේජර් ජනරාල් දයා රත්නායක මහතා නිතරගයෙන් තේරිපත්ව තිබේ.

මෙම නිලවරණය අද පෙරවරු 10 පමණ කොළඔ ටොරින්ටන් ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩා විද්‍යායතනයේදී පැවැත්විණි.

ඡන්ද 50 ක් ලබාගනිමින් නව ලේකම් වශයෙන් රියර් අද්මිරාල් ශාමල් ප්‍රනාන්දු මහතා පත්වූ අතර උප ලේකම් වශයෙන් බර්නාඩ් පෙරේරා මහතා පත්වී ඇත.

රියර් අද්මිරාල් ශාමල් ප්‍රනාන්දු මහතා සමග තරගකළ ප්‍රේමා පින්නවල මහතා ලබාගත් ඡන්ද සංඛ්යාrව 35 කි.

ජී.ජී යූ සමන් කුමාර මහතා නිල සටහන්කරු වශයෙන් නිතරගයෙන් පත්ව ඇති අතර උප සභාපතිවරු හයදෙනෙක් පත්ව තිබේ.

සුසන්තිකා ජයසිංහ මහත්මිය ද උප සභාපති ධුරයක් සඳහා තේරී පත්ව ඇති අතර ඇය ඡන්ද 72 ක් ලබාගත්තාය.

ඊට අමතරව සුනිල් ජයවීර මහතා ඡන්ද 102, අජිත් නාරංගල මහතා ඡන්ද 82, එච්. ඩබ්. නිමල්සිරි ඡන්ද 65, අජිත් ප්‍රේමලාල් ඡන්ද 62, ටී. එම්. දේවේන්ද්‍ර ඡන්ද 60 බැගින් ලබාගනිමින් සෙසු සභාපති ධුර සඳහා තේරී පත්ව ඇත.

මෙම උප සභාපති ධුර සදහා නාමයෝජනා 11 ඉදිරිපත්ව ඇති අතර එම නාම යොජනා අතර ප්‍රවීණ මලල ක්‍රිඩක සුගත් තිලකරත්න මහතාගේ නම ද වූ බව සදහන්ය.

නමුත් ඔහුට උප සභාපති තනතුරක් සදහා තේරීපත්වීමට ප්‍රමාණවත් තරම් ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි වී තිබේ.

නිලවරණයේදී භාණ්ඩාගාරික හා උප භාණ්ඩාගාරික තනතුරු සදහා ඡන්ද විමසීමෙන් තෝරාගෙන ඇත.

මෙවර නිලවරණයේ දී රහස්‍ය ජන්ද ක්‍රමයක් ක්‍රියාත්මක වී නොමැති අතර අත් ඔසවා මනාපය පළ කිරිමේ ක්‍රමයෙන් ඡන්ද විමසීම සිදුකර තිබේ.

එමනිසා ඇතැම් ක්‍රීඩා සංගම මනාපය ලබාදීමෙන් වැළකී සිටි බව ද වාර්තා වේ.