මලල ක්‍රීඩා සංගමයේ සභාපති අසුන දයා රත්නායකට

May 3, 2012   12:21 pm

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයේදී එම සංගමයේ නව සභාපති වශයෙන් මේජර් ජනරාල් දයා රත්නායක මහතා නිතරගයෙන් තේරි පත්ව තිබේ.

මෙම නිලවරණය අද පෙරවරු 10 පමණ කොළඔ ටොරින්ටන් ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩා විද්‍යයතනයේදී පැවැත්විණි.

නව ලේකම් වශයෙන් රියර් අද්මිරාල් ශාමල් ප්‍රනාන්දු මහතා වැඩි ඡන්දයෙන් පත්වූ අතර උප ලේකම් වශයෙන් බර්නාඩ් පෙරේරා මහතා පත්වී ඇත.

ජී.ජී යූ සමන් කුමාර මහතා නිල සටහන්කරු වශයෙන් නිතරගයෙන් පත්ව ඇති අතර උප සභාපතිවරු හයදෙනෙක් පත්ව තිබේ.

මෙහිදී භාණ්ඩාගාරික හා උප භාණ්ඩාගාරික තනතුරු සදහා ඡන්ද විමසීමෙන් තෝරාගත් බව අද දෙරණ වාර්තාකරු පැවසීය.