සයුරෙන් එතෙර
ඊජිප්තුවේ උද්ඝෝෂණයකට එල්ල වු ප්‍රහාරයකින් 20 ක් මරුට
May 3, 2012 08:52 am
ඊජිප්තුවේ කයිරෝ නුවර උද්ඝෝෂණයකට එල්ල වු ප්‍රහාරයකින් පුද්ගලයින් විසි දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
කයිරෝ නුවර පිහිටි ඊජිප්තු ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට පැවති මෙම උද්ඝෝෂණයට නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අවි ආයුධ , පෙට්‍රල් බෝම්බ , ගල්මුල් යොදා ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව ඇසින් දුටුවන් පවසා ඇත.
මෙවර ඊජිප්තුවේ පැවැත්වෙන මැතිවරණයේ දී නාම යෝජනා ප්‍රතික්ෂේප වු අපේක්ෂකයෙකුට සහය පළකරමින් මෙම උද්ඝෝෂණය පැවති බව සඳහන්ය.
ප්‍රහාරය එල්ල වු මුල් අවස්ථාවේ දී එරට පොලිසිය සහ ආරක්ෂක අංශ එක්වී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇත.
එහෙත් ඊට පැය කිහිපයකට පසුව නැවත වරක් මෙම ගැටුම් හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.