එක්ස්පෝලංකා ලෝක සෞඛ්‍ය දිනය සමරයි
April 26, 2012 04:27 pm
ලෝක සෞඛ්‍ය දිනය සැමරීමට එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් සමාගමේ සමාජ සත්කාර සේවා අංශය විසින් SOS ළමා ගම්මානයේ දරුවන් වෙනුවෙන් සෞඛ්‍ය කඳවුරක් පවත්වන ලදී.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ වසර සඳහා තේමාව වුණු “යහපත් සෞඛ්‍ය ආයු ගෙන දෙයි” යන අදහස පෙරටු කොට ගෙන මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදි. මේ සඳහා එම සමාගමේ තවත් අනුබද්ධ සමාගමක් වූ බරකා ඖෂධීය සංයෝගය නිෂ්පාදනය කරන බයෝ එක්ස්ට්‍රැක්ට් ලිමිටඞ් සමාගමද එක් විය.
මේ සෞඛ්‍ය කඳවුරේදී එම ගම්මානයේ දරුවන් සහ වැඩිහිටියන් 230 ට පරිපූර්ණ සෞඛ්‍ය පරීක්ෂාවක් නොමිලේ ලබා ගැනීමට හැකි වු අතර එහිදී BMI පරීක්ෂාවක්ද, සිරුරේ මේද තත්ත්වය සහ නිවැරදි ආහාර පුරුදු පිළිබඳ උපදෙස් ලබා දීමක්ද සිදුවූ අතර කඳවුරේ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ඖෂධ එම ස්ථානයේදීම නොමිලේ ලබා දීමද මෙම කණ්ඩායම අතින් සිදුවිය.
එක්ස්පෝලංකා සමාජ සත්කාර අංශය විසින් SOS ගම්මානයේ දරුවන් මේ සඳහා තෝරා ගැනීමට හේතු වූයේ එම ආයතනය විසින් කරගෙන යන මෙහෙයුමට ශක්තියක් වීමටත් දරුවන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීමට හැකි සම්පත් වඩාත් අවශ්‍යම තැනට යොමු කරවීමත් අරමුණු කර ගනිමිනි.
එක්ස්පෝලංකා සමාජ සත්කාර අංශයට මේ ව්‍යාපෘතියේදී බරකා සහයෝගයද ලැබුණි. බරකා යනු ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් කැපවුණු, රෝගාබාධ වැළඳීමෙන් උපරිම ආරක්ෂාවක් සලසන ස්වභාවික අතිරේක ඖෂධයකි. විවිධ සෞඛ්‍ය අවශ්‍යතා ආවරණය කරන අතිරේක ඖෂධීය සංයෝග ගණනාවකින් එන බරකාහි දීර්ඝ කාලීන අරමුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේමාව සමග මැනවින් ගැලපෙයි.
ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් කළ මෙම සත්කාර්යය පිළිබඳ එක්ස්පෝලංකා සමාගමේ අළෙවි සහ ආයතනික සන්නිවේදන ප්‍රධානී පැඞී වීරසේකර මහතා මෙසේ ප්‍රකාශකර සිටියි. “අපේ විශ්වාසයට අනුව ආයතනික සමාජ වගකීම යනු අපේ වටිනාකම් ආයතන සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ප්‍රර්ශනය කිරීමට හොද අවස්ථාවක්. අපි අයත් ප්‍රජාවන් වෙනුවෙන් වැඩ කිරීමෙන් හොඳ පුරවැසියන් විදියට අපේ වගකීම් ඉටුකිරීමට එමගින් හැකිවෙනවා. අපේ ප්‍රජාවන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට දායක වීම කියන්නෙ ආයතනික පුරවැසියන් හැටියටත් අපේ වගකීමේ වැදගත් කොටසක්. රටේ සහ ආයතනික පුරවැසියන් හැටියට අපේ කොටස ඉටු කරමින් ලෝක සෞඛ්‍ය දිනයේ පමණක් නොව හැමදාටම මෙම යහපත් සෞඛ්‍ය පිළිබඳ පණිවුඩය ගෙන යාමට හැකි වීම ගැන අපි ආඩම්බර වෙනවා”.
සෞඛ්‍ය පණිවුඩ රැගත් අත්පොත්, අධ්‍යාපනික පෝස්ටර් සහ ශ්‍රී ලංකා ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යංශය හා සමාජ සේවා අමාත්‍යංශය ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් නිර්මාණය කළ වීඩියෝ පිටපත් ආදියද ජාතික සෞඛ්‍ය නගාසිටුවීම වෙනුවෙන් දක්වන අනුග්‍රහයක් වශයෙන් SOS ගම්මානයේ සහකාර ගම්මාන අධ්‍යක්ෂ ලක්සිරි හෙට්ටිගේ මහතා වෙත පිරිනැමීමද මෙම අවස්ථාවේදී සිදුවිය.
එක්ස්පෝලංකා සමාජ සත්කාර අංශය - එක්ස්පෝලංකා සමාජ සත්කාර අංශයේ උත්සාහය වන්නේ සමාජයේ ජීවත් වන ප්‍රජාවන්ගේ දිගු කාලීන ස්ථාවර පැවැත්මක් වෙනුවෙන් ඔවුන්ගේ තත්ත්වයන් නගා සිටුවීමට දායක වීමයි.
මෙම සමාජ සත්කාර ප්‍රතිපත්තීන් ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු වලදීත්, ඔවුන්ගේ සේවාදායකයන්, ඔවුන් සමග සිටින ප්‍රජාවන් සහ පාර්ශ්වකරුවන් ගේ සමාජ ආර්ථික සහ පාරිසරික තත්ත්වයන් වඩා යහපත් කිරීමෙහිලාද එකසේම ක්‍රියාත්මක වෙයි.
මෙම සමාජ සත්කාර සේවා අංශ පහක් ඔස්සේ ක්‍රියාත්මක වේ, සෞඛ්‍ය, අධ්‍යාපන, පාරිසරික, ප්‍රජා සංවර්ධන, සහ ආපදා සහන යනු එම අංශයි.
වඩාත් කැපී පෙනෙන සමාජ අවශ්‍යතා පවතින මෙම අංශ ඔස්සේ ක්‍රියාත්මක වෙමින් එක්ස්පෝලංකා සමාගම තමන් වඩාත් යහපත් හෙට දවසක් වෙනුවෙන් කැපවුණු සමාගම් පුරවැසියෙක් බව තහවුරු කර ඇත.
SOS ළමා ගම්මාන ව්යා පෘතිය අවුරුදු 32ක් පුරා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අතර ගාල්ල, මොණරාගල, පිළියන්දල, නුවරඑළිය, අනුරාධපුර සහ දැනට ඉදිකිරීම් කරගෙන යන යාපනය යන දිස්ත්‍රික් හයක මෙම ගම්මාන පිහිටා තිබේ.
මේ ගම්මාන ළමා නිවාස යන සංකල්පයෙන් ඔබ්බට ගොස් අවදානමක සිටින දරුවන්ට නිවසක් තුළ හිමිවන ස්ථාවර රැකවරණයක් සලසයි.
මීට අමතරව ඔවුන් ශ්‍රී ලංකාවේ පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන ආදී අඩු ආදායම්ලාභී පවුල් වලට ඔවුන්ගේ දරීද්‍රතාවය වැනි සමාජ ගැටලු වලින් මිදීමට උපකාර කරමින් දරුවන්ගේ වටිනා ජීවිත අවදානමට පත්විය හැකි අවස්ථා අවම කරන ව්‍යාපෘති ගණනාවක් වෙනුවෙන්ද කැපවී ඇත.