සිග්නල් වෙතින් Night Time Brushing තවදුරටත්
April 26, 2012 11:11 am
ඡායාරූපය- සිග්නල් 2011 රාත‍්‍රි කාලයේ දත් මැදීමේ වැඩ සටහනේ ජයග‍්‍රාහකයන් සමග මව්පියන් සහ ඥතීන්
යුනිලීවර් සමාගමේ ප‍්‍රධානම දන්තාලේප නිෂ්පාදනය වන සිග්නල් විසින් පසුගිය වසරේ ක‍්‍රියාත්මක කරනු ලැබු Night Time Brushing හෙවත් රාත‍්‍රී නින්දට පෙර දත්මැදීම ප‍්‍රචලිත කිරීමේ සාර්ථකත්වය මත එම වැඩසටහන තවදුරටත් ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
විශේෂයෙන් ළමුන් ඇතුළුව ජනතාවගේ රාත‍්‍රීයේ දත්මැදීමේ පුරුද්ද ප‍්‍රචලිත කිරීම සඳහා මෙම වැඩසටහන අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තු වේ. ඒ අනුව 21 Day Brush & Dance Challenge යන නව තේමාව යටතේ දෙමාපියන් හා ළමුන් අඛණ්ඩව දින 21 ක් රාත‍්‍රී කාලයේ දත්මැදීමට උනන්දු කිරීමේ වැඩසටහන තව නොබෝ දිනකින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
පසුගිය දශක 5 තුළම සිග්නල් විසින් මෙරට මව්වරු පරපුර රැසකට දත්, දන්තාලේප, දත්මැදීම මෙන්ම ඉතා මැතකදී දිනකට දෙවරක් දත් මැදීමේ වැදගත්කම ළමුන්ට පහදාදීමට පෙරමුණ ගනු ලැබීය. දෙමාපියන් හා ළමුන් සැවෝම රාත‍්‍රි කාලයේ දත් මැදීම සෞඛ්‍යාරක්‍ෂිත දත් දෙපලකට ඉතා වැදගත් වේ.
කිසියම් වැදගත් කරුණක් පිළිබඳව අධ්‍යාපනය ලබාදෙන අයුරින් විනෝදජනක අන්දමින් සිය දෙමාපියන් සමග දත් මැදීමට දරුවන් වැඩි වාර ගණනක් යොමුවන බවට අධ්‍යනයකින්ද අනාවරණය වි තිබේ. පසුගිය වසරේ Night Time Brushing වැඩසටහන සිග්නල් ආරම්භ කළේද ආකල්පමය වෙනසක් ඇති කිරීමටයි.
සිග්නල් සන්නාම කළමනාකරු මිහිර කුලතුංග මහතා ප‍්‍රකාශ කළේ පසුගිය වසර කිහිපය පුරා සිග්නල් ක‍්‍රියාත්මක කළ Science of sharing නම් අධ්‍යනය මගින් අනාවරණය වුයේ ළමුන් සමග එක්ව කටයුතු කිරීමේන් නව පුරුදුවලට ඔවුන් යොමුවීමේ වැඩි අවස්ථාවක් ඇති බවය. ඒ සඳහා අවම වශයෙන් දින 21 ක් එක දිගට එකම ක‍්‍රියාව ළමුන් සමග කළයුතු බවත් හෙළවි තිබේ.
ඒ අනුව මෙරට ජනතාවගේ මුඛ සෞඛ්‍යාරක්‍ෂාව සඳහා සිග්නල් විසින් නව වැඩසටහන ආරම්භ කළ බව කුළතුංග මහතා පෙන්වා දුන්නේය.අදාළ අධ්‍යනය මගින් තවදුරටත් හෙළිවී ඇත්තේ දිවා හා රාත‍්‍රියේ දිනකට දෙවරක් ෆ්ලෝරයිඞ් සහිත දන්තා ලේපයකින් දත් මැදීමෙන් ළමුන්ගේ දත් දිරායාම 50%න් අඩුවන බවය. වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන්ගේ අඩකට ආසන්න පිරිසකගේ දත් දිරාපත්ව ඇති බව ඉතා මැතකදි ශ‍්‍රී ලංකාවේ දන්ත සෞඛ්‍ය පිළිබඳ ප‍්‍රකාශයට පත්වු වාර්තාවකින්ද හෙළිවිය.
සමාන්‍යයෙන් ළමුන් නිතිපතා දත් මැදීම ආරම්භ කරන්නේ වයස අවුරුදු 14 දි සිට බවත්, ඊට පෙර සිට දත් රෝග වැළදීම ආරම්භ වන බවත්, මෙම වාර්තාව පෙන්වා දෙයි. තවද ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් 70% ක් සෞඛ්‍යට හිතකර පරිදි දිනකට දෙවරක් දත් මැදීම නොකිරීමද සැළකිය යුතු කරුණක් වේ.
ඒ අනුව 2012 වසරේ සිග්නල් විසින් ක‍්‍රියාත්මක කරනු ලබන 21 Day Night Time Brush & Dance Challenge වැඩසටහනට අනුව පියා සිය දරුවන් සමග නර්ථනයක යෙදෙමින් රාත‍්‍රි දත් මැදීම සිදු කළ යුතුයි. මෙම වැඩසටහන මැයි මස 01 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. දෙමාපියන්ද ඒ සමග ස්ටි‍්‍රකර් 21 සහිත දින දර්ශකය අඩංගු සිග්නල් ග‍්‍රෑම් 160 Night Time Brushing පැකට්ටුවක් මිලදී ගෙන සිය දරුවන්ට නර්ථනයක නිරත වෙමින් රාත‍්‍රීයේ දත් මැදීමට යොමු කළ යුතුයි.
දින 21 අවසානයේ ස්ටිකර් ඇලවු දින දර්ශකය සිග්නල් දන්තා ලේපයේ හිස් ආවරණයක්ද සමග දින දර්ශකයේ දක්වා ඇති තැපැල් පෙට්ටිය 2120 ට යැවීමෙන් දිනුම් ඇදීමට ඇතුළත් වේ. එම දිනුම් ඇදීමේන් ජයගන්නා ළමුන් 10 දෙනා රුපියල් 25,000ක් වටිනා ලූමාලා පාපැදි මිලදි ගැනීමේ වවුචර් හිමි වන අතර දෙමාපියන්ට රුපියල් 75,000 ක මුදල් ත්‍යාග හිමි වේ. තවද ජූනී මස 1 වන දින සිට 21 වනදා දක්වා දිනපතා SMS පණිවුඩ එවමින් රාති‍්‍ර කාලයේ දත් මදින බව දන්වන වාසනාවන්ත ජයග‍්‍රහකයින් 50 දෙනෙකුට වටිනා සෙල්ලම් බඩු සහිත බෑග් දිනාගත හැකියි.
පසුගිය වසරේ ජයග‍්‍රාහකයන් අතර වු වෛද්‍ය අජිත් ප‍්‍රනාන්දු මහතා කියා සිටියේ තරුණ කාලයේ සිටම නිසි සෞඛ්‍යාරක්‍ෂිත පුරුදු ඇතිවීමෙන් නිරෝගී ජීවිතයක් වයස්ගත වුවිට ගත කළ හැකි බවයි. ඒ නිසා සිග්නල් විසින් ක‍්‍රියාත්මක කරන වැඩසටහන අගයමින් රාත‍්‍රි කාලයේ දරුවන්ව ෆ්ලෝරයිඞ් සහිත දන්තාලේපයකින් දත් මැදීමට උනන්දු කරන ලෙස සියලූම දෙමාපියන්ගෙන් වෛද්‍ය ප‍්‍රනාන්දු මහතා ඉල්ලා සිටියි.