සම්ප්‍රේෂණ කුඵණු 1000ක් ඔස්සේ Hutch 3G ආවරණය කෙරෙයි
April 20, 2012 05:00 pm
Hutchison ටෙලිකොමියුනිකේෂන් ලංකා පෞද්ගලික සමාගම තම 3G සේවාව දියත්කිරීම පිළිබද නිවේදනය කර සිටී.
බස්නාහිර පළාතෙන් ආරම්භ කිරීමට නියමිත මෙම 3G ආවරණය මේ වසරේ ජූලි මාසයේ සිට දිවයින පුරා සම්ප්‍රේෂණ කුඵණු 1000 ක් ඔස්සේ ලබාදීමට Hutch ආයතනය සැලසුම් කර තිබේ.
Hutch ආයතනය විසින් මේ වනවිටත් හදුන්වාදී ඇති 2G ආවරණයට එකතුවූ නවතම හදුන්වාදීම වන Hutch 3G ආවරණයත් සමග ඔවුන් විසින් සපයන සේවාව වඩාත් විශිෂ්ඨ අන්දමින් ලබාදීමට හැකි වනු ඇත
Hutch ආයතනය මෙම නවතම 3G සේවාව හදුන්වාදීමට ප්‍රථම පසුගෙවුම් සේවාව වෙළදපොළට මෑතකදී හදුන්වා දෙන ලදි.
මේ වන විටත් මෙරට ජනගහණයෙන් 10% ක් පමණ පිරිසක් අන්තර්ජාලය පරිහරණය කරන අතර Hutch 3G සේවාව හදුන්වාදීමත් සමග එම ප්‍රතිශතය තවදුරටත් වර්ධනය කරගත හැකි බව Hutch ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ආනන්ද් ප්‍රකාශ් මහතා පවසා සිටී.
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්ථාවර දුරකතන හා ජංගම දුරකතන ජාලයේ ප්‍රබල වර්ධනයක් දක්නට ලැබෙන නමුත් අන්තර්ජාල භාවිතාව තවමත් මන්දගාමී තත්ත්වයක පවතින්නේ 3G ආවරණයන්හි පවතින දුර්වලතාවය හා ඒ සදහා අවශය සේවාවන්ගේ පසුගාමීත්වය නිසාය.
ආනන්ද් ප්‍රකාශ් මහතා තවදුරටත් පවසා සිටින්නේ 3G ජාලය අපේ රටට අඵත් අත්දැකීමක් නොවන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආනන්ද් ප්‍රකාශ් මහතා තවදුරටත් මෙසේ පවසා සිටියා "අපි අපේ පාරිභෝගිකයින්ට මොනයම් දෙයක් ඉදිරිපත් කලත් එය ඉහළ තාක්ෂණයෙන් හා උසස් තත්ත්වයෙන් ඉදිරිපත් කරනවා. අපගේ පාරිභෝගිකයින්ට අපි හදුන්වාදුන් මේ සේවාව තුළන් ඔවුන්ට අඵත් අත්දැකීම් ලබාගත හැකියි. අපගේ සේවාව හරහා ඔවුන්ට බාධා රහිතව අන්තර්ජාල පරිහරණය කළහැකි අතරම වේගවත් Upload හා Download පහසුකම අත්විදිය හැකියි. ඇත්තටම අපේ නව පරම්පරාවේ මෘදුකාංගය තුළින් පාරිභෝගිකයින්ට ඔවුන් බලාපොරොත්තු නොවූ අඵත් අත්දැකීමක් ලබාදීම අපගේ බලාපොරොත්තුවයි.”
Hutch 3G හදුන්වාදීමත් සමගම Hutch පාරිභෝගිකයින්ට ආකර්ෂණිය මෙන්ම ඔවුන්ගේ අවශයතාවන්ට අනුව සරිලන සේවාවක් ලබාදීමට බලාපොරොත්තුවේ.
මෙම සියලුම සේවාවන් හා පහසුකම් කොළඹ ප්‍රදේශය තුළ සැලසුම් කරන ලද Hutch Experience Zones තුළින්ද ඊට අමතරව සුපිරි වෙළදසැල් තුළින්ද ලබාගැනීමට අවස්ථාව හිමිවන බව Hutch ආයතනයේ නියෝජිතයෙකු විසින් පවසා සිටී.
මෙම 3G ජාලය මෙරටට හදුන්වාදීම වෙනුවෙන් Hutch ආයතනයේ මව් සමාගම වන හොංකොංහි Hutchison වැම්පෝආ සමාගම සැලකියයුතු ආයෝජනයක් කරතිබේ.
"Hutchison වැම්පෝආ සමාගම ලොව විදුලි සන්දේශ කර්මාන්තයේ ඉහළින්ම සිටින සමාගමක් වන අතර ඔවුන්ගේ ආයෝජනය තුළින් අප රටේ යටිතල පහසුකම් හා සේවාවන්ගේ සංවර්ධනයක් සිදුවන අතර අප පාරිභෝගිකයින්ට උපරිම සේවාවක් ලබාදීමටද පහසුකම් සපයනවා” යැයි ආනන්ද් ප්‍රකාශ් මහතා පවසා සිටී.
ඡයාරූපය - හචිසන් ටෙලිකොමියුන්කේෂන් ලංකා පෞද්ගලික සමාගම තම 3G සේවාව ආරම්භ කිරීම කොළඔ හිල්ටන් හෝටලයේදී නිලවශයෙන් හදුන්වාදීම සිදුකෙරිණි. එම අවස්ථාවට සහභාගීවූ හචිසන් ඒෂියා ටෙලිකොම් ඉන්ටනැෂනල්හි අංශ ප්‍රධානී ඩෙනිස් ලූයි, හචිසන් ටෙලිකොමියුන්කේෂන් ඉන්දුනීසියා PT හා ශ්‍රී ලංකා සභාපති හා අධ්‍යක්ෂ මන්ජෝත් සිං මාන් මහතා, Hutch ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ආනන්ද් ප්‍රකාශ් මහතා.