දහමට මුවාවී අපචාරයේ යෙදුණත් නොදැනුවත්කම නිසා ඒ කාලෙ කියල නෑ
April 19, 2012 01:45 pm
ලිංගික අපචාර චෝදනා එල්ලවී ඇති ලන්ඩනයේ බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පහලගම සෝමරතන හිමිට
එරෙහි චෝදනා අද දිනයේත්(එරට වේලාවෙන් බදාදා)අයිල්වර්ත් හි ක්‍රවුන් අධිකරණයේදී විභාගයට ගෙන තිබේ.
1970 වසර හා ඒ ආසන්න කාලයේදී විහාරාධිපති ස්වාමීන් වහන්සේගෙන් අපචාරයට ලක්වූ බව කියන ස්ත්‍රීන් කිහිපදෙනකුම අද අධිකරණය හමුවේ ප්‍රකාශයන් ලබා දී ඇත.
එකල තමාගේ වයස අවුරුදු 9-10 තරම් කාලයේදී ඉරිදා දහම්පාසල් පැමිණි බවත්,දහම් පාසල් වේලාවෙන් පසුව පන්සල තුළට කැඳවාගෙන ගොස් තමාට ලිංගික අඬතෙට්ටම් කළ බවත් එක් ස්ත්‍රීයක අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී තිබේ.
වයස අවුරුදු 4-16 වයසේ ළමුන් 20 ක් පමණ ලන්ඩනයේ බෞද්ධ විහාරස්ථානයේ පැවැති දහම් පාසලට පැමිණි බවත් ඇය සිහිපත් කර ඇතැයි බී.බී.සි පුවත් සේවය උපුටා දක්වයි.
තවත් අයෙකු අධිකරණය හමුවේ පවසා ඇත්තේ පන්සලේ ඉදිරි කටයුතු පිළිබඳ කතා බහ කරන්නට යයි පවසමින් ස්වාමීන් වහන්සේගේ කුටියට කැටුව ගොස් තමා අපචාරයට ගොදුරු කරගත් අන්දමයි.
එහිදී ඇය අතීත සිදුවීම් සිහිවී සංවේදනාවට පත්ව අධිකරණය තුළම හඬා වැටීම හේතුවෙන් අධිකරණ කටයුතු සුළු වේලාවකට අත්හිටුවන්නට සිදුවූ බව එරට මාධ්‍ය සඳහන් කරයි.
තමා කුඩා කල සැකකාර ස්වාමීන් වහන්සේ සිය ඔඩොක්කුවේ තබාගෙන අකටයුතු කම් කළ බවත්,ඒවා අකටයුතුකම් බව තමා කුඩා බැවින් එකල වටහා නොගත් බවත් තවත් ස්ත්‍රීයක් පෙන්වා දි තිබේ.
අවුරුදු 35 ක කාලයක් තිස්සේ මෙම චෝදනා එල්ල නොකළේ මන්ද යන්න අසන ලද හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔවුන් පවසා ඇත්තේ කුඩා කළ විඳි එකී අත්දැකීම් වරදක් හා අපරාධයක් ලෙස වටහා ගැනීමට තරම් මුහුකුරා ගිය අවබෝධයක් එකල තමන්ට නොතිබුණු බවයි.
එසේම අතැම් අය ඒවා අත්වැරදීම් ලෙස වරදවා වටහා ගත් බවත්,ඒවා ඒ ආකාරයෙන්ම නැවත නැවත සිදුවන විට කාලයත් සමග අත්වැරදිම් නොවන බවට වටහා ගත් බවත් ඔවුන් අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.
එහෙත් සැකකාර පූජ්‍ය පහලගම සෝමරතන හිමි,තමන්ට එල්ලවන ලිංගික අපචාර චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරන බවත්,තමා නිර්දෝෂී යයි අධිකරණය හමුවේ කියා සිටි බවත් එරට මාධ්‍ය උපුටා දක්වයි. නඩු විභාගය තවදුරටත් ක්‍රියාත්මකය.