චීනයෙන් ගෙන්වූ නවතම මෙට්‍රෝ බස් රථ 104ක් දිවයිනට

චීනයෙන් ගෙන්වූ නවතම මෙට්‍රෝ බස් රථ 104ක් දිවයිනට

July 29, 2026   09:14 pm

පොදු ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණින් මෙරටට ආනයනය කරන ලද නවතම 'මෙට්‍රෝ' බස් රථ 104ක් අද (29) දින මෙරටට ළඟා වී තිබේ.

මෙම බස් රථ තොගය චීනයේ ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදන සමාගමක් වන Foton International Corporation වෙතින් ආනයනය කර ඇත.

මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීම වෙනුවෙන් මෙම නව මෙට්‍රෝ බස් රථ ආනයනය කිරීමට අදාළ නිල ගිවිසුම ඉකුත් මැයි මාසයේදී අත්සන් තබා තිබුණි. 

එම ගිවිසුම් ප්‍රකාරව මෙම බස් රථ 104 දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත.