බර ඉසිලීමෙන් සුපුන්ට 4වැනි ස්ථානය

බර ඉසිලීමෙන් සුපුන්ට 4වැනි ස්ථානය

July 26, 2026   04:19 pm

ස්කොට්ලන්තයේ පැවැත්වෙන 26 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට බර ඉසිලීමේ ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමට තිබූ  අවස්ථාවක් අද (26) ගිලිහී ගියේය. 

මෙහිදී කිලෝග්‍රෑම් 60 බර පන්තිය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු සුපුන් සෝමතිලක, පදක්කමක් වෙනුවෙන් දැඩි උත්සාහයක නිරත වුවද, ඔහුට සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

සුපුන් සෝමතිලක විසින් මෙම තරගයේදී එසවූ මුළු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 244 කි. කෙසේ වුවත්, ඔහුට වඩා කිලෝග්‍රෑම් 16ක් වැඩියෙන්, එනම් මුළු බර කිලෝග්‍රෑම් 260ක් එසවීමට සමත් වූ කෙන්යානු ක්‍රීඩකයා තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

මේ අතර නව තරග වාර්තාවක් ද පිහිටුවමින් මුළු බර කිලෝග්‍රෑම් 273ක් එසවූ මැලේසියානු ක්‍රීඩකයා මෙම ඉසව්වේ රන් පදක්කම තමන් සතු කරගත් අතර, කිලෝග්‍රෑම් 264ක බරක් එසවූ ඉන්දීය ක්‍රීඩකයාට රිදී පදක්කම හිමිවිය.