නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

July 26, 2026   06:35 am

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග විදෙස් ජාතිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරක් මත ඊයේ (25) සවස කොම්පඤ්ඥවීදිය පොලිස් වසමේ අවන්හලක රථගාලකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරු සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 36,200ක් සහ ඔහු සතුව තිබූ කැබ් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 30ක් වන මැලේසියානු ජාතිකයෙකි.

කොම්පඤ්ඥවීදිය පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරති.