සෞදි අරාබියට මිසයිල ප්‍රහාර
July 25, 2026 04:07 pm
සෞදි අරාබිය විසින් යේමනයේ හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් අනතුරුව, සෞදි අරාබියේ ජිසාන් නගරය වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන ගැති හූති සංවිධානය ප්‍රකාශ කරයි.
සෙනසුරාදා අලුයම හූතිවරුන්ගේ 'අන්සාරුල්ලා' මාධ්‍ය පස්වන පැත්තෙන් ටෙලිග්‍රෑම් ඔස්සේ නිවේදනය කළේ, මෙම "යේමන මිසයිල ප්‍රහාරය" හේතුවෙන් සෞදි අරාබියේ ජිසාන් නගරයේ ගින්නක් හටගත් බවය. ඒ වන විටත් සෞදි බලධාරීන් විසින් එම පළාත සඳහා හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි.
පසුගිය සිකුරාදා යේමනයේ හෝඩෙයිඩා වරාය නගරයට සහ ආසන්න දූපතකට සෞදි අරාබිය ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට හූති සංවිධානය දැඩි ලෙස ප්‍රකාශ කර තිබුණි.
මේ අතර, පසුගිය සති දෙකක කාලය තුළ පළමු වරට අමෙරිකාව හෝ ඉරානය විසින් පුළුල් කලාපයේ රාත්‍රී ගුවන් ප්‍රහාර එල්ල කළ බවට කිසිදු වාර්තාවක් ලැබී නොතිබි බව සඳහන් වේ.
කෙසේ වෙතත් ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් හමුවෙමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වන අතරම අවශ්‍ය වුවහොත් තවත් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බවයි
