තලාවේ දී වෑන් රථයකට වනඅලි ප්‍රහාරයක්

තලාවේ දී වෑන් රථයකට වනඅලි ප්‍රහාරයක්

July 24, 2026   04:48 pm

පාදුක්ක ප්‍රදේශයේ සිට අනුරාධපුරය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (24) අලුයම 5.00ට පමණ තලාව මොරගොඩ ප්‍රදේශයේදී වනඅලියෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබේ.

එම අවස්ථාවේ වෑන් රථයේ පුද්ගලයින් 06දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් සියලු දෙනා තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

කෙසේවෙතත් මෙම අනතුරින් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුව නොමැති බව ද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 

මෙම ප්‍රදේශය වනඅලි ගැටුම් සහ වනඅලි ප්‍රහාර බහුලව වාර්තා වන ප්‍රදේශයක් බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙන අතර එම ගැටලුවට ස්ථීරසාර විසඳුමක් කඩිනමින් ලබාදෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.