SDIG වරුණ ජයසුන්දර CIDයෙන් පිටව යයි

SDIG වරුණ ජයසුන්දර CIDයෙන් පිටව යයි

July 2, 2026   02:40 pm

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (02) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා තිබූ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) වරුණ ජයසුන්දර මහතා මීට සුළු වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබේ.

ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මෙලෙස පිටව ගිය බව වාර්තා වේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැකකෙරෙන 'කෙහෙල්බද්දර පද්මේ' නමැත්තා සමග පැවැත්වූයේ යැයි කියන සබඳතා කිහිපයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා වරුණ ජයසුන්දර මහතා මෙලෙස කැඳවා තිබිණි.