සෞදියේ හෙලිකොප්ටර් අනතුරක් - 14ක් මරුට
සයුරෙන් එතෙර

සෞදියේ හෙලිකොප්ටර් අනතුරක් - 14ක් මරුට

June 28, 2026   06:13 pm

සෞදි අරාබියේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

සෞදි අරාබියේ ප්‍රධාන තෙල් සමාගමක් වන 'ඇරම්කෝ' (Aramco) සමාගමට අයත් හෙලිකොප්ටර් යානයක් අද(28) උදෑසන රස් තනූරා ප්‍රදේශයේදී කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සෞදි රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කරයි.

මේ අතර මියගිය පුද්ගලයින් 14 දෙනාම සෞදි ජාතිකයින් බව සඳහන් වෙයි.

අද උදෑසන 6ට පමණ සිදුවූ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.