ඩෙංගු නව වෛරස් ප්‍රභේදයක් රෝග ව්‍යාප්තිය ඉහළ යාමට හේතු වෙලා - අගමැති
June 27, 2026 01:27 pm
ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ ගොස් ඇත්තේ ඩෙංගු අලුත් වෛරසයක් හේතුවෙන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
"අලුත් වෛරසයක් එක්ක බෝවීම වැඩි වුණත් අපි මෙහෙයුමක් කළා. දැන් යම් අඩුවීමක් තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු උවදුර වැඩි වශයෙන් බලපාල තියෙනවා. මහරගම සහ කොළඹ නගරාසන්න ප්‍රදේශයේ වැඩි වශයෙන් ව්‍යාප්තියක් තියෙනවා .ගෙවල්වලට වඩා, පොදු ස්ථානවල, විශේෂයෙන් පාසල්වල කාර්යාල පරිශ්‍රවල සහ හිස් ඉඩම්වලත් හදුනාගෙන තියෙනවා. නමුත් ඒ හිස් ඉඩම්වල මොනව හරි කරන්න ගියාම අයිති කාරයන් එනවා. ඉදිකිරීම් සිදුකර ඒවා නතරවී ඇති ස්ථානවලත් ඩෙංගු ව්‍යාපෘතිය හදුනාගෙන තියෙනවා"
පවතින තත්ත්වය යටතේ අද (27) දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඩෙංගු මර්දන මෙහෙයුම් දියත් කෙරෙන අතර ඇතැම් රාජ්‍ය ආයතන පරිශ්‍රවලින් මදුරුවන් බෝවන ස්ථාන සොයා ගෙන තිබේ.
